ගෙවුණු 25 වනදා තුළ කොවිඩ්-19 මරණ පහක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 05 දෙනෙකු වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

තවද, ඊයේ (26) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 119 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුළු තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 665,094 දක්වා ඉහළ ගොස් තිබේ.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්