
විදෙස් ගතව සිට මෙරටට පැමිණි තවත් පුද්ගලයින් 05 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදිතව තිබේ.
හොංකොං සිට පැමිණි අයෙකු, ලයිබිරියාවේ සිට පැමිණි අයෙකු, බහරේන් සිට පැමිණි අයෙකු, ඕමාන් සිට පැමිණී අයෙකු සහ ඉන්දියාවේ සිට පැමිණි ඉන්දියානු ජාතිකයෙකු මෙලෙස කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට ඊයේ (18) හඳුනාගෙන තිබුණි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 3281 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේවෙතත් මේ වන විට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගෙන් 3060 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේ ය.
ඒ අනුව ආසාදිතයින් 208 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබයි.