හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට රටින් පිටවීම වළක්වාලමින් ලබාදුන් නියෝගය ඔක්තෝබර් 26 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කොට තිබේ.

ඔක්තෝබර් 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින මෙන් යළි නොතීසි නිකුත් කරන ලෙස
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කොට තිබෙන අතර අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136(1)(අ) වගන්තිය ප්‍රකාරව ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් මගින් දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව අධිකරණය මෙම නියෝගය කර තිබෙන බව වැඩිදුරටත් සඳහන් වේ.

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්