කබ්රාල්ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ජූලි මස 25 වනදා තෙක් දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අජිත් නිවාඩ් කබ්රාල් අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු පෙනී සිටියා. පසුව පැමිණිල්ල ජුලි මස 25 වනදා කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්