කඩුවකින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදු වීමක් කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වේ.

කටුනායක, මහගම හීනිටියන ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වන අතර, එලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 38 හැවිරිදි ත්‍රී රෝද රථ රියදුරෙකි.

ඔහු ඊයේ (17) රාත්‍රියේ ඉන්ධන පිරවුම්හල වෙත යන බව පවසා නිවසින් පිටත්ව ගොස් ඇති අතර, ඒ යන අතරමග වෙනත් ත්‍රී රෝද රථනයකින් පැමිණි පිරිසක් ඔහුව මෙලෙස ඝාතනයට ලක් කොට ඇත.

පසුව ඔහු මීගමු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර, මේ සම්බන්ධයෙන් පොලිසිය කියා සිටින්නේ පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුවී ඇති බවට සැක පළ කරන බවයි.

අපරාධකරුවන් සොයා වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්