ඊළඟ මැතිවරණයදී බලය ගැනීම ජාතික ජන බලවේගයේ ප්‍රධාන අරමුණ බව ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනතා ව්‍යාපාර ඇති කර කඩා වැටී ඇති රට සම්පූර්ණයෙන් ගොඩනැඟීම ඊළඟ අරමුණ බවත් හෙතෙම මාධ්‍ය හමුවකදී කීවේය.

මේ රට ගොඩ නැඟීමට වසර කිහිපයක් අවශ්‍ය බවත් එම වැඩ කොටස කිරීමට ජාතික ජන බලවේගය සතුව ඕනෑවටත් වඩා දැනුම අත්දැකීම් සහිත මානව සම්පත් ඇති බවත් එම නිසා ජනතාවට බොරු නොකියා සත්‍ය තත්ත්වය පෙන්වා දී මේ රට හැදීමට හැකි බවත් ඒ මහතා කීවේය.

එම නිසා කිසිදු සැකයක් ජාතික ජන බලවේගය පිළිබඳ ඇති කර ගත යුතු නැති බවත් ජනතාව ළඟ තියෙන බලය තාවකාලිකව ජාතික ජන බලවේගයට වසර පහකට දෙන ලෙසත් ඉල්ලීම් කරමින් ඒ මහතා සඳහන් කළේ ලෝකය වෙනස් වී ඇත්තේ වෙනස සඳහා බිය නොවන මිනිසුන් සිටින නිසා බවයි.

– නුවන් හෙට්ටිආරච්චි

මෙන්න බලන්න තවත් පුවත්