vaccine
 

මෙරටට ආනයනය කළ ෆයිසර් එන්නත් මිලියන 8ක් ලබන මස අවසානයේදී කල් ඉකුත් වීමට නියමිත බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ප්‍රකාශ කර තිබේ. එම එන්නත් තොගය මෙරටට රැගෙනවිත් තිබෙන්නේ අවුරුදු 20 වැඩි පුද්ගලයින් සඳහා වන කොවිඩ් මර්ධන තෙවන මාත්‍රාව ලබාදීම සඳහා ය.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර සිටියේ වයස අවුරුදු 20ට වැඩි පිරිසෙන් මෙතෙක් තුන්වන මාත්‍රාව ලබාගෙන ඇත්තේ සියයට 54 ක ප්‍රමාණයක් පමණක් වන බවත් ඒ හේතුවෙන් එන්නත් මිලියන 8 ක් ඉතිරි වී තිබෙන බවත් ය.

මේ අතර මෙරට ඖෂධ හිඟයක් ඇතිවීමට හේතුව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නිළධාරින්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය බවට සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කර ඇත.

ගෙන්වූ ඖෂධ වල මිල ගණනනුත් ඉහළට

එහි සභාපති වෛද්‍ය ගිශාන්ත දිසානායක කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ මාස කිහිපයකට පෙර මෙරටට ගෙන්වු ඖෂධ වලද මිළ ගණන් ද අසාධාරණ ලෙස ඉහළ නංවා ඇති බවය.

මෙන්න බලන්න තවත් පුවත්