සිංහල සංගීතය තුළ මතක හිටින මියුරු ගීත රැසක්ම දායාද කරපු දක්ෂ ගායන ශිල්පිනියක් තමයි සුජාතා අත්තනායක මහත්මිය කියලා කියන්නේ.ඇය විසින් ගායනා කරපු ගීත බොහොමයක් අදටත් බොහෝ තරගකාරියන් රියැලිටි වැඩසටහන් වල දී තම තමන්ගේ ජයග්‍රහණය උදෙසා ගායනා කරන්නේ ඒ නිර්මාණවල තියන  සුවිශේෂීතාවය නිසාමයි.

තරුණ වියට පා තැබුවට පස්සේ  සුජාතා අත්තනායක මහත්මිය විවාහවෙන්න තෝරගන්නේ අධ්‍යාපන අධ්‍යක්ෂක වරයෙක් වන නවරත්න අත්තනායකයි.මේ විවාහයෙන් ඔහුට සුරූපී හැඩිදැඩි නිරෝගී පිරිමි ළමුන් තුන් දෙනෙක් ලැබුණා.වැඩිමහල් දරුවා හේලි අත්තනායක වෙන අතර ඔහු සැම්සුං ව්‍යාපාර ආයතනයේ පරිපාලන අංශය අංශයේ ඉහලම තනතුරක් දරනවා. අනිත් දරුවා සජින්  අත්තනායක ඔහුත් වැදගත් ආයතනයක ඉහළ තනතුරක් දරන පුද්ගලයෙක්.දෙවැනි දරුවා චානුක සංජීව අත්තනායකයි.

ඉතින් අපි අද ඔබට කියන කතාව තුළ අපේ ප්‍රධානම මාතෘකාව බවට පත්වෙන්නේ සුජාතා අත්තනායක මහත්මියගේ දෙවැනි දරුවා වන චානුක සංජීව අත්තනායකයි.සුජාතා අත්තනායක මහත්මියගේ දරුවන් තුන් දෙනාම අධ්‍යාපනය ලබලා තියෙන ඩී එස් සේනානායක විද්‍යාලයේ.ඇගේ දෙවැනි පුතා නිරන්තරයෙන්ම  දුවන පයින සෙල්ලම් කරපු කෙනෙක්. පොත් කියවන්න ගොඩක් ආස පුද්ගලයෙක්.හැබැයි නිතරම කියවලා තියෙන්නෙ වීර කතා එක්ක පදනම් වෙච්ච ඉතිහාසයේ රජ කතා.

1988 වර්ෂය කියලා කියන්නේ ඇගේ දෙවැනි පුතාගේ ජීවිතේ හිතපුවත් නැති වෙනස්කමක් සිද්ධ වුණු දවසක්. එදා ඔහු ඔහුගේ ඉංග්‍රීසි ගුරුවරයාට ඉල්ලීමක් කරනවා හමුදා සේවයට බැඳෙන්න ඉල්ලුම්පතක් පුරවලා දෙන්න කියලා. මේ සම්බන්ධයෙන් දැන ගත්තහම  සුජාතා අත්තනායක මහත්මිය ඉතාමත් සතුටට පත්වෙලා තියනවා.ඇය හිතලා තියෙන්නෙ කවදහරි දවසක රට බේරගන්න මගේ පුතෙක්ට හැකිවුනොත් ඒක කොයිතරම් ආඩම්බරයක්ද කියන දේ.

නමුත් ඒ දවස්වල දරුණුවටම උතුරු නැගෙනහිර ගැටලුකාරී අර්බුදකාරී තත්ත්වයන් සිදුවුණු නිසා දවසින් දවස අහන ඒ අවාසනාවන්ත කතා නිසාත් සුජාතා අත්තනායක මහත්මියගේ සැමියා නම් පුතා ඒ අංශයේ රැකියාවක් කරනවට කිසිසේත් කැමති වෙන්නේ නැහැ. නමුත් ඔහු ගත්තු තීරණය වෙනස් කරන්න නැතිව හතරවෙනි පාබල හමුදාවේ සාමාජිකයෙකු වශයෙන් සේවය කරන්න බැඳුනා.

ඉතින් මේ දක්ෂ දරුවා රැකියාව කරන තැන නොයෙකුත් ආකාරයේ දක්ෂතාවයන් පෙන්නලා ඉහළම  තැනකට එන්න සමත් වෙලා තියෙනවා. නමුත් අවාසනාවන්ත විදිහට රට බේරගන්න රැකියාවට ගිය ගියපු චානුකට තමන්ගේ ජීවිතය කැප කරන්න සිද්ධ වෙනවා.ඒ කටුක අමිහිරි අතීතය පිළිබඳව මීට වසර ගණනාවකට කලින් සුජාතා අත්තනායක මහත්මිය පුවත්පතකට ඉදිරිපත් කරපු කරුණු කීපයක් අපේ හිතුවා ඔබත් සමඟ බෙදා හදා ගන්න.

“මම එදා හිටියේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ප්‍රසංගයක.මම ඒ වෙලාවේ මගේ මව්බිම සිංහල යයි,සැතපෙන කල ආදී ගීත ගයමින් තමයි මේ ප්‍රසංගය තුළ ඉඳලා තියෙන්නේ.මේ සිදුවීම සිද්ධ වෙද්දී මගේ සහෝදරයා ඇතුළු පිරිසක් මාත් එක්ක මෙල්බන් නුවර හිටියා. කොහොමහරි මල්ලිට මේක ආරංචි වෙලා එයා ලංකාවත් එක්ක දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් හුවමාරු කරගත්තා.”

“මේ සිදුවීමෙන් පුතා ජීවිතෙන් සමු අරන් කියලා ඒ කවුරුත් මට ඒ වෙලාවේ කිව්වේ නැහැ. එයාට තුවාලයි එයා බලන්න ඉක්මනට යමු කියලා විතරයි මට කිව්වේ.එදා පුදුම කියන්නේ මේ ප්‍රසංගය අවසානයේ එහි එන රසිකාවියක් සුදු සාරියක් වගේම  මල් පොකුරුවලින් මට තුති පිදුවා. මේ කරදරේ ඇහුවට පස්සෙ මම තුවාල වෙච්ච පුතාව බලන්න ඉක්මනට ඉස්පිරිතාලෙට යන්න කලබල වුණා.”

“ගුවන් යානයේදී ඒකෙ වැඩ කරන සේවිකාවක් මගේ පුතා නැතිවෙලා කියන පුවත රැගත් පුවත්පතක් මට පෙන්නන්න අරගෙන එද්දී මල්ලි එක නවත්තලා තියෙනවා.මම කිසිසේත් හිතුවේ නෑ මගේ පුතා ජීවිතේ දාලා ගිහින් කියලා.මම ගුවන්තොටුපලින් බහිද්දි ඇන්ජලා සහ චන්ද්‍රිකා මාත් එක්ක යන්න ඇවිල්ලා හිටියා.”

“වෙනදට සීල් එක ගහන්නත් පාස්පෝට් අතගාන මහත්තුරු එදා මට ඉක්මනට යන්නත් ඉඩ දුන්නා. කාරෙක පෑලියගොඩ අලුත් පාරට දාන්නෙ නැතුව නුවර පාරට දැම්මා.ඒ අපේ ගෙදර පැත්තට යන්න.මං ඇහුවා ඇයි අපි ඉස්පිරිතාලෙ යන්නෙ නැද්ද කියලා. එතකොට තමයි ඇන්ටන් කිව්වේ ගෙදර තමයි පුතා ඉන්නේ කියලා.ඒ වෙලාවේ මගේ හදවත කඩා වැටුණා. සිද්ධ වෙච්ච දේවල් එකින් එක මට තේරුම් ගියා. ඒ වෙද්දීත් මගේ රත්තරං පුතා අහිමි වෙලා.මම විලාප තියලා ඇඬුවෙ නැහැ සියල්ල දරාගෙන හිටියා.

ඒ වේදනාව මම පිට කරේ නැති නිසා මගේ කටහඬ මට නැතිවුණා. පිටරටදී උගුර පරීක්ෂා කරපු වෛද්‍යවරු කිව්වේ ඒ වේදනාව පිට වෙන්න මම ඇඬුවා නම් මගේ උගුරට මොකුත් වෙන්නේ වෙන්නෙ නැහැ කියලයි.ඒත් මගේ චානක පුතා අදමට නැතිවෙලා. අපේ කොල්ලෝ ටික රට එක්සේසත් කරාට පස්සේ තමයි මගේ හදවත සතුටින් පිනා ගියේ.

ඒ සතුටු ප්‍රවෘත්තිය ඇහුවට පස්සෙ  ඇයට නැවත වතාවක් කට හඬින් පෙර පරිදි නොවුනත් ගීත ගායනා කරන්න හැකියාව ලැබිලා තියෙනවා. සුජාතා අත්තනායක මහත්මිය තමන්ගේ ආදරණීය පුතාගේ වියෝව නිසා එතැන් පටන් සුදු පමණක් අඳින්න තීරණය කළා. ඒ වගේම සෑම රණවිරු සැමරුම් උත්සවයකට ම ඇය සහභාගි වෙලා ජීවිතයෙන් සමුගත්තු සියලුම රණවිරුවන්ට ඉහළම උත්තමාචාර දක්වන්නත් අමතක කළේ නැහැ.

ඇය සැලුට් එකක් දමා තමන්ගේ ආදරණීය පුතාට උත්තමාචාර කරන සුන්දර  ඡායාරූපයක්ද සමාජ මාධ්‍ය වල පළ වුණේ සියලුම දෙනාගේ හද කම්පා කරමින්.අද අපට නිදහසේ කාලය ගත කරන්න මේ විදිහට රට එක්සේසත් කරන්න විර පුතෙක් ජාතියට බිහිකරපු ඇයට නිදුක් නිරෝගී සුවයත්  අපි වෙනුවෙන් ඔහුගේ හොඳම කාලය කැප කරපු කැප්ටන් චානුක සංජීව රණවිරුවාණනි ඔබට උතුම් නිර්වාන සම්ණ සම්පත්තිය ලැබේවා කියා අපි  ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

මෙන්න බලන්න තවත් පුවත්