
මාධ්‍යවේදීන්ට හා මානව හිමිකම් ක්‍රියාකාරීන් හට විරෝධතා පිළිබඳව සොයා බැලීමට අයිතිය ඇති බවත්, එහිදි ඔවුන්ට බාධා නොකළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියි.
අද අළුයම ගාලු මුවදොර අරගල භූමිය ආශ්‍රිතව සිදුවූ සිදුවීම් පිළිබඳව දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධිකාරක hanaa Singer Hamdy මහත්මිය විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කොට තිබේ.
එහිදි ඇය විසින් තව දුරටත් දක්වා ඇත්තේ විරෝධතාකරුවන් කෙරෙහි බලය යෙදවීම පිළිබඳව තම සංවිධානය අවධානයෙන් සිටින බව හා ඒ ආකාරයෙන් සාමකාමි විරෝධතාවන් මැඩ පැවැත්වීම හේතුවෙන් මෙරට ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය තව දුරටත් වර්ධනය වනු ඇති බවයි.