ලබන 07 වනදා ආරම්භවීමට නියමිත 2021 උසස් පෙළ විභාගය සති 20 කින් කල් දමන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කර තිබෙනවා.

සිවිල් ක්‍රියාකාරී නාගානන්ද කොඩිතුවක්කු විසින් ගොණු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යවරයා / විභාග කොමසාරිස් ජනරාල්වරයා / අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුලු පිරිසක්.

පෙත්සම්කරු පෙන්වා දෙන්නේ පවතින කොවිඩ් තත්වය හමුවේ උසස් පෙළ සිසුන්ට අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමට අවස්ථාවක් නොලැබුණු බවයි.

එය අධ්‍යාපන විශේෂඥයන් විසින් පවා පෙන්වා දී ඇති බවයි නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොණු කර ඇති පෙත්සමෙහි දක්වා ඇත්තේ.

එබැවින් අවම වශයෙන් සති 20 කින් හෝ විභාගය කල් දැමීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා

මෙන්න බලන්න තවත් පුවත්