මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස උසස් පෙළ විභාගය මාසයකින් ප්‍රමාද වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කරයි.

පසුගිය වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මස 15 වැනිදා නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ඔහු කියා සිටී.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ පළමු ශ්‍රේණියට ඇතුළත් වීමේ කාලය ද දීර්ඝ කළ හැකි බවයි.

පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වසා දමා ඇති බැවින් පළමු ශ්‍රේණියට ඇතුළත් වීමේ කාලසීමාව දීර්ඝ කරන ලෙස ඇතැම් මවුපියන් ඉල්ලා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිරිඇල්ල මහතා සදහන් කරයි.

මෙන්න බලන්න තවත් පුවත්