ඊයේ (10) රාත්‍රියේ අංගොඩදී පොලිස් නිලධාරීන් සමග රථයකට ගිනි තැබීමට උත්සහා කළ සිද්ධියක් වාර්තා විය.

ඒ ඊයේ රාත්‍රියේ අංගොඩදී පිරිසක් විසින් ප@හරදුන් බස් රථයක් ඇදගෙනයාම සඳහා යුද හමුදාවේ රථයක් හා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එහි පැමිණ තිබූ අවස්ථාවේදීය.

එම අවස්ථාවේදී අදාළ ස්ථානය වෙත පැමිණි පිරිසක් විසින් මෙම නිලධාරීන්ට ප@හරදීමක් සිදුකර ඇති බව වාර්තා විය.

එහිදී යුද හමුදා සෙබළුන් පැමිණි රථය එම ස්ථානයෙන් ඉවත්වී ඇති අතර අනතුරුව එම පිරිස පොලිස් නිලධාරීන් දෙදෙනාව බස් රථයට දමා ගි නි තැබීමට උත්සාහ කර ඇති බව පොලීසිය පැවසීය.

එම අවස්ථාවේදී තත්ත්වය පාලනයට මුල්ලේරියාව පොලිසීයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එම ස්ථානයට ජීප් රථයකින් පැමිණ තිබේ.

එහිදී එම ස්ථානයේ රැඳී සිටි පිරිස අදාළ ජීප් රථයටද ගි නි තැබීමට උත්සාහා කර තිබේ.

පොලීසිය විසින් අහසට වෙ $ඩි තැබීමක් සිදුකර ඇත්තේ එම තත්ත්වය පාලනය කිරීමට බව පොලීසිය පැවසීය..

සිද්ධියෙන් එක් අයෙක් තුවාල ලබා ඇති අතර ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

 

මෙන්න බලන්න තවත් පුවත්