රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙමින්  ඉදිරිපත්කළ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බව කථානයකවරයා පවසයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කථානායකවරයා ඒ බව සඳහන් කළේය.

නියෝජ්‍ය කථානාකවරයෙක්ව තෝරාගැනීමට හෙට (05) ජන්ද විමසීමක් පවත්වන බව මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු 40 දෙනෙක් පමණ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ අතර ඒ අනුව සියඹලාපිටිය මහතා ද ඉල්ලා අස්වීමට තීරණය කළේය. එහෙත් ඊයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ හෙට දිනයේදී නැවතත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක වරයා ලෙස තෝරා පත්කර ගැනීමට නියමිත බවය.

මෙන්න බලන්න තවත් පුවත්