ඩීසල් නෞකාවක් සඳහා ඊයේ (2) මුදල් ගෙවා ඇති බවට බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් මගින් දක්වා තිබේ.

ඔහු එම පණිවිඩය මගින් වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගුවන් යානා ඉන්ධන ලබා ගැනීම සඳහා වසරක ගිවිසුමකට එළැඹ ඇති බව හා එහි පළමු තොගය එළඹෙන අගෝස්තු 12-14 දිනවල ලැබෙනු ඇති බවයි.

එමෙන්ම තවත් ඩීසල් තොගයක් හා පෙට්‍රල් තොගයක් සඳහා අත්තිකාරම් මුදලින් කොටසක් ගෙවීමට කටයුතු කල බවද ඔහු තව දුරටත් සඳහන් කොට ඇත..

 

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්