ඇමැති මනුෂ සහ කොරියානු තානාපති අතර විශේෂ සාකච්ඡාවක්

මෙරට සිටින කොරියානු තානාපති සන්තෝෂ් වොන්ජිං ජියොං ( Santhush Woonjin JEONG) මහතා සහ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතර අද (7) උදෑසන පැවැත්විණි.

ඒ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට කොරියාවේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදීම පිළිබදව සහ මෙරට සිටින ශ්‍රම බලකායට ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික පුහුණු වැඩසටහන් ලබාදීම පිළිබද අවධානය යොමු කිරීමින්.

එම සාකච්ඡාවේදී දෙරටේ කම්කරු ක්ෂේත්‍රය ගැන වැඩි අවධානයක් යොමු වී තිබේ. කොරියානු යුද්ධයෙන් පසුව සංවර්ධිත රටක් බවට දකුණු කොරියාව පත්ව ඇති ආකාරය ගැන මනුෂ නානායක්කාර ඇමැතිවරයා අවධානය යොමු කළ අතර එහිදී ආයෝජකයින් ආකර්ශණය කරගත හැකි ආකාරයට කම්කරු නීති සකස් කළ ආකාරය ගැන අධ්‍යනය කරමින් සිටින බව පැවසුවේය. ඒ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු ඇමැතිවරයා වෙත ලබාදෙන බවට තානාපතිවරයා සහතික විය.

කොරියාවේ පවතින දියුණු තාක්ෂණය ලංකාවේ තරුණ ශ්‍රමිකයින්ට ලබාදීමේ වැදගත්කම මනුෂ නානායක්කාර ඇමැතිවරයා පැහැදිළි කළ අතර එයට තානාපතිවරයාගෙන් සුභවාදී ප්‍රතිචාරයක් හිමිවිය.

ඒ අනුව කොරියාවේ ඉහළ තාක්ෂණයක් ඇති ආයතනවල ඉංජිනේරු සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ලංකාවට පැමිණ පාසල් හැර ගිය සහ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සදහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට සහතික විය.

මෙරට ශ්‍රමිකයින්ට කොරියානු රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් ලබාදීම සම්බන්ධයෙන් ඇමැතිවරයා අවධානය යොමු කළ අතර වසර දහයකට වඩා වැඩි කාලයක් කොරියාවේ සේවය කර මෙරටට පැමිණි ශ්‍රමිකයින්ට නැවත වරක් රැකියා අවස්ථා ලබාදීමට ඇති හැකියාව ගැන සලකා බලන ලෙසද ඉල්ලා සිටියේය. එවැනි ශ්‍රමිකයින්ට ලබාදිය යුතු ඊ 7 වර්ගයේ වීසා ලංකාවේ ශ්‍රමිකයින්ට ලබාදීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන් කොරියානු රජයේ අවධානය යොමු කිරීමටද තානාපතිවරයා සහතික විය.

මේ වන විට රට මුහුණදී ඇති දුෂ්කර අවස්ථාවේදී කොරියානු රජය ලබාදෙන සහාය අගය කළ මනුෂ නානායක්කාර ඇමැතිවරයා නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ ලංකාවට ගෙන්වා ගැනීම සදහා ගෙන ඇති පියවර ගැනද දැනුවත් කොට ඇති අතර ඩොලර් මිලියන පන්සියයක මුදලක් මාසිකව රටට එවීම සදහා කොරියාවේ රැකියා කරන ශ්‍රමිකයින්ට වැඩි දායකත්වයක් ලබාදිය හැකි බවද ඇමැතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්