මෙරට ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව ඇත.

ජූලි චන්ග් මහත්මිය විසින් ට්විටර් පණිවිඩයක් තබමින් මේ බව සඳහන් කොට ඇති අතර, එහිදි ඇය වැඩි වශයෙන් සඳහන් කොට ඇත්තේ ගාලු මුවදොර අරගලකරුවන්ට එරෙහිව අනිසි ප්‍රහාරයක් එල්ල කර එක් රැයකින් ප්‍රචණ්ඩත්වය වර්ධනය වීම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවයි.

එමෙන්ම ශ්‍රී ලාංකීය ජනතාව විසින් අපේක්ෂා කරන යපහත් අනාගතය ඔවුන්ට ලබා දීමට ශ්‍රී ලාංකීය ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට අවස්ථාවක් මෙන්ම වගකීමක් පවතින බව ද ඇය තව දුරටත් සඳහන් කොට ඇත.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්