ඇමරිකානු තානාපතිනිය හා මෙරට අග්‍රමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා අතර හමුවක් සිදුව ඇත.

 

ඊයේ (28)  පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදි සිදුවූ මෙම හමුව අතරතුර මෙරට පවතින ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ඇමරිකාවේ සහය ලබා දින හැකි ආකාරය පිළිබඳව සාකච්ඡාවට බඳුන් වී ඇත.

 

ජූලී චන්ග් මහත්මිය විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කොට ඇති අතර, එහිදි වැඩි දුරටත් ප්‍රකාශ කොට ඇත්තේ ජාත්‍යතර මූල්‍ය අරමුදල හා පවතින සාකච්ඡා සාර්ථක කර ගැනීම හා යුක්තියේ හා නීතීයේ ආධිපත්‍යයට ප්‍රවේශ වීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි වශයෙන් සාකච්ඡාවට ලක්වූ බවයි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්