ඇඳිරි නීතිය කැඩූ පුද්ගලයින් 170 දෙනෙකු අත්අඩංගුවට
ඊයේ සවස 6 සිට අද උදැසන 6 දක්වා වූ කාල සීමාවේදී ඇඳිරි නිතිය කැඩු පුද්ගලයින් 170 දෙනෙකු අ$ත්අඩංගුවට ගත් බව උතුරු මැද පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පවසනවා.

උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ
අද දින දහවල් 2.00 න් පසුව නැවතත් ඇඳිරි නීතිය පැනවීමෙන් පසු එය කඩ කරන්නන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරිමට සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදුන් බවයි.

පුද්ගල දේපළ වලට හානි කිරිමෙන් සහ විවිධ ප්‍ර$චණ්ඩ ක්‍රියාවලින් වැළකී නිවෙස් වලට වී කාලය ගත කරන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්