
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සහෝදරයා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත සැප්තැම්බර් 24 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ආනවිලුන්දාව රැම්සා තෙත් බිමට හානි කළේ යැයි ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබිණ.
ඒ අනුව අත්අඩංගුවට ගත් හිටපු සභාපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත.