එළඹෙන අගෝස්තු පළවෙනිදා (01) සිට ඉන්ධන නිකුත් කිරිම සිදු කරනු ලබන්නේ ජාතික ඉන්ධන බලපත්‍රයට අදාල  QR කේත ක්‍රමයට පමණක් බව වාර්තා වේ.

බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව දන්වා ඇති අතර, එහිදී ඔහු විසින් සඳහන් කොට ඇත්තේ එළඹෙන පළමුවෙනිදා සිට වාහන තහඩුවේ අවසාන අංකයට ඉන්ධන නිකුත් කිරීම අවසන් වන බවයි.

ඒ අනුව පළමුවැනිදා සිට ඉන්ධන ලබා ගත හැක්කේ ජාතික ඉන්ධන බලපත්‍රයට හිමි ඉන්ධන  කෝඨාවට අදාල ප්‍රමාණය පමණක් වේ.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්