අරගල භූමියේදි බස් ගි නි තැබූ අ රගල කරුවන් අත්තඩංගුවට ගන්න – ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය 

ගාලුමුවදොර අරගල භූමියේ ඉකුත්දා ඇති වූ නොසන්සුන්තාවයෙන් අනතුරුව බස් රථවලට පහර දුන් සහ ගිනි තැබූ පුද්ගලයන් වහාම අ$ත්අඩංගුවට ගන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පොලීසියෙන් ඉල්ලීමක් කරනවා. අලාභ හානි සිදුකළ බස් රථවලටද ආරක්‍ෂාව ලබාදෙන ලෙසටද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පොලීසියෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙනවා.

දිවයින පුරා ඉකුත්දා පැවති හර්තාල් ව්‍යාපාරයටද සහාය දැක්වූ තමන් වෙනුවෙන් මෙම අවස්ථාවේ කිසිදු වෘත්තීය සමිතියක් පෙනී නොසිටින බවටද ගැමුණු විජේරත්න චෝදනා කළා.

ගි නි තැබීම් සහ ප$හරදීම් හේතුවෙන් විනාශ වී ඇති බස් රථ සංඛ්‍යාව 45 කට ආසන්න බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්