මේ දක්වා රට පාලනය කළ කිසිවෙකුත් රටවැසියා පිළිබඳව සිතා කටයුතුකර නැතැයි ඊයේ (08) කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සඳහන් කරයි.

කාදිනල් රංජිත් හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට රට නීතියක් හෝ විනයක් නොමැති තත්ත්වයට පත්වී ඇති බවය.

“අවංකභාවය සහ විනය නොමැති රටකට ආර්ථික ජයග්‍රාහනයක් අත්පත් කරගත නොහැකියි. නිදහසින් පසු අප රට ක්‍රමක්‍රමයෙන් උරුම කරගත් ආර්ථික අහේනිය ද ලැජ්ජා සහගතයි.”

“අප රට තුළ වර්ධනය වූ දූ@#ණයේ සංස්කෘතිය ද නීතියේ ස්වාධීනත්වය ක්‍රමක්‍රමයෙන් හීනකර එය දේශපාලන බලධාරීන්ගේ අතකොලුවක් කරගැනීමට උත්සාහ ගත්තා.”

“ජාතීන් සහ ආගමිකයින් එකිනෙකාට එ@රෙහි කරවමින් විටින් විට ඔවුන් අතර ක#$ලහා ඇතිකරමින් ගෙනගිය දේශපාලන බලපොරය ද අද මේ රට බලගතු ලෙස ආරාජික තත්ත්වයට ඇද දමා ඇත.”

“මේ නිසා වෙන කවරදාටත් වඩා අප ආදරණීය මාතෘ භූමිය තුළ ක්‍රමවේද වෙනසක් (සිස්ටම් චේන්ජ්) හා නව ආරම්භයක් අවශ්‍ය වන්නේ යැයි අවංකව සිතමි.”

“එය අප ගමන් කළ යුතු මාවත වන්නේමය.”

“ගාලු මුවදොර දෙසින් එන්නේ ඒ නව නිදහස් අරගලයේ කාහල නාදයයි.”

“නිදහසින් පසු වසර හැත්තෑ ගණනක කාලපිරිච්ඡේදයක් තුළ හරිහැටි මෙහෙයවීමට නොහැකි අයෙකු වෙත අතිවිශාල බලයක් ලැබීම නිසා ඇතිවූ වි@නාශකාරී ගමන අද උච්චස්ථානයකට පැමිණ ඇත.”

www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්