තමා හෙට (15)  දින දක්වා රට නොයන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස් ආර් ආටිගල යන අය විසින් අධිකරණයට දන්වා ඇත.

රටේ පවතින වත්මන් ආර්ථික අර්බුදයට වග කිව යුත්තන්ට එරෙහිව පරීක්ෂණ කැඳවන මෙන් ඉල්ලා අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමක් අද (14) විභාගයට ගත් අවස්ථාවේ, ඔවුන් විසින් නීතීඥයෙකු මාර්ගයෙන් මේ බව අධිකරණයට දන්වා තිබේ.

එමෙන්ම අදාළ පෙත්සමේ තවත් වග උත්තර කරුවෙකු වූ හිටපු මහ බැංකු අධිපති ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා වෙනුවෙන් උසාවියේ නීතීඥයෙකු පෙනී නොසිටි අතර, එම හේතුවෙන් ඒ මහතාට එරෙහිව හෙට දින තෙක් විදේශගත වීම වළක්වමින් අධිකරණය විසින් නියෝගයක් පනවා ඇත.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්