අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ට හා රත්කරව්වේ ජිනරතන හිමියන්ට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇත.

අද (21) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙලෙස වරෙන්තු නිකුත් කර තිබුණේ 2021 වර්ෂයේ දිනයකදි අයුතු ජනරාශියක් සිදු කරමින් අවහිරයක් කළා යැයි පොලිසිය විසින් ගොනු කරන ලද පැමිණිල්ලකට අදාළව  අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවිනි.

2021 වර්ෂයේ කොළඹ  කොටුව ආශ්‍රිතව සිදු කළ උද්ඝෝෂණයක් හේතුවෙන් මෙම පැමිණිල්ල ගොනු කර ඇති අතර, ඔවුන් දෙදෙනා අද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පොලිසියේ ඉල්ලීම සලකා බලා මහේස්ත්‍රාත්වරයා විසින් මෙම වරෙන්තු නිකුත් කර ඇත.

 

 

මෙන්න බලන්න තවත් පුවත්