අන්තරේට වාරණ පැනවීම අධිකරණය ප්‍රතික්ශේප කරයි

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාකරුවන් හට අද (8) හා හෙට (9) යන දෙදින තුළ කුරුඳුවත්තේ පොලිස් වසමේ මාර්ග කිහිපයකට ඇතුළු වීම වළක්වා වාරණ නියෝගයක් පනවන මෙන් පොලිසිය විසින් සිදු කරන ලද ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් උසාවිය මගින් ප්‍රතික්ශේප කොට ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා විසින් එම ඉල්ලීම ප්‍රතික්ශේප කොට ඇති අතර, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාකරුවන් පාගමින් ජනාධිපති මන්දිරය වෙත පැමිණෙන බවට තොරතුරු ලැබී ඇති බවත්, එම විරෝධතාවය පසුව ප්‍රචණ්ඩකාරි විය හැකි බවත් දක්වමින් පොලිසිය විසින් මෙම ඉල්ලීම සිදු කොට ඇත.

එහිදි මහේස්ත්‍රාත් වරයා විසින් දක්වා සිටියේ, යම් කිසි විරෝධතාවයක් ප්‍රචණ්ඩකාරි වන්නේ නම් එයට එරෙහිව කටයුතු කිරීමට පොලිසියට බලය තිබෙන බවයි.

 

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්