ඊයේ (27) කොටුව දුම්රිය ස්ථානය අසළ පැවති විරෝධතාවයක් අවසන් කර නැවත නිවස බලා යමින් සිටියදි පැහැරගැනීමට ලක් වූ රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඇන්තනි වේරංග පුෂ්පික රඳවා තබා සිටින ස්ථානය පිළිබඳව හෙළිදරව් වී ඇත.

 

මේ පිළිබඳව දක්වමින් අද දෙරණ මාධ්‍ය වාර්තා කර තිබුණේ, ඔහු කොළඹ දකුණ අපරාධ විමර්ශන කාර්යාංශයේ සිටින බව හා පසුගිය දිනවල කොළඹ පැවැති විරෝධතාවයන් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදු වන බවයි.

 

නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන වේරංග පුෂ්පිකගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව මානව හිමිකම් කොමිසට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර, පසුව ඔහු රඳවා සිටිනා සිටිනා ස්ථානය පිළිබඳව හෙළිදරව් වී ඇත.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්