පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් තමන් වත්මන් ජනාධිපතිවරයා යටතේ පවතින රජයක් තුළ කිසිදු තනතුරක් ලබා ගැනීමට සූදානම් නොමැති බව  පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසන්නේ අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව් නොමග යැවීමේ උත්සාහය තරයේ හෙළාදකින බවය.

එම සටහන පහතින්

උපුටා ගැනීම

“අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමඟ යැවීමේ උත්සාහය තරයේ හෙලා දකිමි.

“ගෝටාභය රාජපක්ශ ජනාධිපති ලෙස සිටින රජයක කිසිදු තනතුරක් ලබා ගැනීම එක හෙලා ප්‍රතික්ෂේප කරමි.

සමස්ථ ශ්‍රීලාංකීය ජාතියම සාමකාමී අවිහිංසාවාදී පුරවැසි අරගලයක් හරහා ඉල්ලා සිටින ප්‍රධාන ඉල්ලීම් සමග මමත් කොන්දේසි විරහිතව සිටගනිමි. ”

“ගාලුමුවදොර විරෝධතා භූමියේ සිට රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, දැයේ දුවාදරුවන්ගේ අනාගතය වෙනුවෙන් හඬ නගන ජනතාවගේ ඉල්ලීම් පිලිබදව අතිශයින් සංවේදී වෙමි.”

“ආරම්භයේ සිටම අරගලයේ නියුතු අභීත සටන්කාමී පුරවැසි දූදරුවන්ට හදවතින්ම ආශිර්වාද කල මම කිසිවිටෙකත් ගාලුමුවදොර අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ශලාගේ අර්බුදය විසදීමේ කොටස්කරුවකු නොවෙමි .”

උපුටා ගැනීම අවසන්

මෙන්න බලන්න තවත් පුවත්