හිරුණිකා ඇතුළු පිරිස ඇපමත මුදා හරී


මංමාවත් අවහිර කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 12 දෙනෙකු පොලිස් ඇප මත මුදාහැර තිබේ.

අද පෙරවරුවේ කොටුව ජනාධිපති නිල නිවස අසල විරෝධතාවයක් දියත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිස ජනාධිපති ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන වරාය පොලීසිය වෙත භාරදෙනු ලැබීය.

http://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්