බෝම්බ ප්‍රහාරයක් පිළිබද පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම් වෙත ඉදිරිපත් කර ඇති ලිපිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව මෙම බුද්ධි තොරතුරු පිලිබඳ ඉදිරි පරීක්ෂණ මේ වන විට සිදු කරනු ලබන අතර මහජන ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛතාවයක් ලබාදී ඉහල ආරක්ෂාවක් තහවුරු කිරීමට සියලු පියවර ගෙන ඇති බව සදහන් වේ.

කලු ජූලිය ඉස්මතු කරමින් මෙම මස 05 සහ 06 යන දෙදින තුළ සිදු විය හැකි යැයි පැවසෙන ත්‍රස්තප්‍රහාරක් පිළිබඳ සදහන් කර ඇත්තේ බුද්ධි අංශ හරහා ලැබුණු තහවුරු නොකළ තොරතුරු මත පදනම්ව බවත් කලු ජූලිය ඉස්මතු කරමින් ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදු වීමට ඇති ඉඩකඩ පිළිබඳව මෙතෙක් භූමි තොරතුරු ලැබී නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

ඒ අනුව කලබලයකින් තොරව තම එදිනෙදා කටයුතුවල නිරත වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙන්න බලන්න තවත් පුවත්