ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල තව දුරටත් පහළ ගොස් ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව අද (5) දිනය තුළ වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 89.21 ක් ලෙසත් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 94.73 ලෙසත් සටහන් වී තිබේ.

පසුගිය පෙබරවාරි මාසයෙන් පසුව ප්‍රථම වතාවට මෙලෙස ඇමරිකානු බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 ට වඩා පහළින් සටහන් වී ඇති අතර, ආර්ථික විශේෂඥයන්ට අනුව ඇමරිකානු ආර්ථික අර්බුදයක් පිළිබඳව පළවන ඉඟි හේතුවෙන් එහි ඉල්ලුම අඩු වෙමින් පවති.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්