අද (04) දිනයේත් බස් ධාවනයට 5% දක්වා අඩුවිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කරයි.

ඒ රටතුළ පවතින් දැවැන්ත ඉන්ධන අර්බුදය හේතුවෙනි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුමේ, මේ වනවිට බස් විශාල සංඛ්‍යාවක් ඉන්ධන පෝලිම් වෙත යොමුවී ඇති බවයි.

ඒ පිළිබද අදහස් දක්වමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ, මේ වනවිට පාසල් සඳහා නිවාඩු ලබාදී ඇති බැවින් මගීන් ප්‍රවාහන කටයුතු සඳහා සිසුසැරිය බස් රථ ද යෙදවීමට පියවර ගෙන ඇති බවයි.

අද දිනයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්රථ සේවා පමණක් නොව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතුවලටද ඉන්ධන අර්බුදය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් පවතින තත්ත්වය හමුවේ මේ වන විට රාජ්‍ය සේවකයින් සේවයට පැමිණීම සීමා කර ඇති අතර පෞද්ගලික සහ බැංකු ක්ෂේත්‍රයේ කටයුතු ද සීමා කර තිබෙන බවත් වාර්තා වේ.

මෙන්න බලන්න තවත් පුවත්