මාමණ්ඩිගේ හිසට බැණා යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කළ පුවතක් ආඩිගෙදර, වීරපොකුණ ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඒ ඊයේ (05) සවස් කාලයේදී .

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 58 හැවිරිදි ආඩිගෙදර, වීරපොකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු හා ඔහුගේ දුව සමග අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් බවත් සැකකරු ඝාතනය සිදුකිරීමෙන් පසු පළාගොස් ඇති බව බිංගිරිය පොලීසිය සඳහන් කරයි.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා බිංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර නොච්චියාගම පොලිස් වසමේ හැල බෑව, මදුරුවාගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් හිසට පහරදී ඝාතනය කර තිබේ.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, හැල බෑව, මාදුරුවාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් වන අතර මියගිය පුද්ගලයා හා අසල්වැසියෙකු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිදු කළ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

සැකකරු ඝාතනය සිදු කිරීමෙන් පසු පළාගොස් ඇති අතර සිද්ධිය සමිබන්ධයෙන් නොච්චියාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙන්න බලන්න තවත් පුවත්