මේ මාසය තුළ දී ඩීසල් ඇතුළු ඉන්ධන නැව් කිහිපයක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි.

ඒ අනුව මෙට්‍රික් ටොන් 40,000 බැගින් වන ඩීසල් නෞකා දෙකක් ජූලි 8 සිට 9 දක්වා සහ ජූලි 11 සිට 14 දක්වා ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතව තිබෙන බවත් ජූලි 15 ත් 17 ත් අතර දිනක තෙවන ඩීසල් නෞකාව ගෙන්වා ගැනීමට ඉන්දියාව සමඟ සාකච්ඡා කර ඇති බවත් මුදල් ගෙවා අවසන් කළ පෙට්‍රල් නෞකාව ජූලි 22 හෝ 23 යන දිනවලත් මෙරටට ළඟාවීමට නියමිතව තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටී.

මෙන්න බලන්න තවත් පුවත්