රුසියාවේ එරොෆ්ලොට් ගුවන් යානයට අදාළ නඩුව කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇත.

මෙම නඩුව අද (14) විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ වාණිජ මහාධිකරණය විසින් එය ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කර තිබේ.

පෞද්ගලික නීතිමය ආරවුලක් මත, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගයකට අනුව රුසියානු එරොෆ්ලොට් ගුවන් යානය 2022 ජුනි 04 වැනි දින කටුනායක ගුවන් තොටුපළේ රඳවා තබා ගන්නා ලද අතර පසුව එම යානයට ජුනි 6 වන දින මොස්කව් බලා පිටත් වීමට කටයුතු සම්පාදනය කරන ලදී.

අග්‍රාමාත්‍යවරයාගේ සහ අධිකරණ අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් පියවර ගැනීමෙන් අනතුරුව ගුවන් යානය පිටත්වීමට අවසර ලබාදී ඇති අතර, පසුව විමර්ශනවලින් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණයේ පිස්කල් නිලධාරියාගේ වැඩ තහනම් කරන ලෙස එවකට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබුණි.

ගුවන් සමාගමට එරෙහිව නිකුත් කර ඇති වාරණ නියෝගයට අදාළව තම බලතල අයුතු ලෙස පරිහරණය කළ බවට අදාළ පිස්කල් නිලධාරියාට චෝදනා එල්ල විය.

Source : Newswire

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්