කුරුණෑගල – යග්ගහපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී හමුදා නිලධාරියෙකු සිවිල් වැසියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

ඉන්ධන පිරවුම්හලේ සිටි පිරිසක් එහි කටයුතුවලට බාධා කළ බව ඉන්ධන පිරවුම්හලේ හිමිකරු සහ නිලධාරීන් සදහන් කරයි.

ඔවුන් රාජකාරියේ යෙදී සිටි හමුදාවේ සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට පරුෂ වචනයෙන් බැන වැදී බාධා කළ බවට ද වාර්තා වේ.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එහි ප්‍රකාශකයකු සඳහන් කරයි.

හමුදා නිලධාරියෙකු ඉන්ධන පිරවුම්හලකදී පුද්ගලයෙකුට පයින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින අතර එම සිවිල් වැසියාට පහර දුන් නිලධාරියා ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙකු බව වාර්තා වේ.

මෙන්න බලන්න තවත් පුවත්