china
 

චීනය තම ආර්ථිකය සම්බන්ධයෙන් ගත් කඩිනම් තීරණය

ලොව දෙවැනි විශාලතම ආර්ථිකය ලෙස සැලකෙන චීනය කොවිඩ් -19 පාලනයට ගත් තීරණ හේතු කොට ගෙන කඩිනම් සමාලොචනයක් සිදුකිරීමට තීරණය කර තිබේ

.

ඒ අනුව කොවිඩ් -19 පාලනයට හඳුන්වාදුන් දැඩි සංචරණ සීමා හේතුවෙන් චීන ආර්ථිකයට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් කැඳවීමට චීන අමාත්‍ය මණ්ඩලය කටයුතු කර ඇත. ඒ සඳහා නිලධාරීන් 100,000ක පමණ පිරිසක් ඒකරාශී වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ.

ඒ අනුව ආර්ථිකයට සිදුව ඇති බලපෑම අඩුකිරීම සඳහා නව පියවර ගතයුතු බව එහිදී චීන බලධාරීන් අදාළ අංශවලට නියෝග කර ඇත. කොවිඩ් රැල්ල හේතුවෙන් එරට බොහෝ අංශවලට බලපෑම් එල්ලවුණි. එරට මූල්‍ය මූලස්ථානය ලෙස සැලකෙන ෂැන්හයි නගරයේ කටයුතු මාස 1 1/2ක් පමණ අඩපණ විය.

ඔන්ලයින් ඔස්සේ පවතී එම රැස්වීමේදී විරැකියාව, ව්‍යාපාර සහ ආර්ථික වර්ධනයට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස චීන නිලධාරී පැලැන්තියට එරට බලධාරීන් උපදෙස් ලබා දී තිබේ.

 

 

www.newsmania.lk

 

 

 

මෙන්න බලන්න තවත් පුවත්