මහීෂ් තීක්ෂණ T20 ශ්‍රේණිගත කිරීම් සටහනේ ඉදිරියට

නවතම එක්දින හා විස්සයි විස්ස ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද (15) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නවතම ශ්‍රේණිගත කිරීම් අනුව මීට මාස කිහිපයකට පෙර ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග මේ වන විට 7 වැනි ස්ථානයේ රැදී සිටිනවා. මහීෂ් තීක්ෂණ විස්සයි විස්ස පන්දු යවන්නන් අතර 8 වැනි ස්ථානය දක්වා ස්ථාන 16 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

එසේම නවතම ශ්‍රේණිගත කිරීම් අනුව පැතුම් නිස්සංක එක් ස්ථානයකින් පසුබැස ඇත්තේ 9 වැනි ස්ථානය දක්වායි.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්