shinzo abe
 

හිටපු අගමැතිට අවසන් ගෞරව දක්වන්නට විශාල ජනකායක්

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ශින්ෂො අබේ මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා මේ වෙන විට ලක්ෂ සංඛ්‍යාත ජන පිරිසක් ටෝකියෝ වෙත පැමිණෙමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

ඔහුගේ අවමංල්‍ය උත්සවය මිතුරන්ට සහ සමීපතම පවුලේ අයට පමණක් සීමා කර ඇති අතර එය පැවැත්වෙන්නේ අවමංගල්‍යය ටෝකියෝවේ සොජෝජි විහාරස්ථානයේදීයි.

අවමංගල්‍ය කටයුතුවලින් අනතුරුව, ශින්ෂො අබේ මහතාගේ දේහය රැගත් අවමංගල රථය ටෝකියෝ නගරය හරහා ගමන් කරනු ඇති අතර, එමෙන්ම මේ වන විට ටෝකියෝ නගරය පුරා මෙන්ම ඉන් පිටත් ජපන් ධජය අඩකුඹු කර ඇති ආකාරයක් දැකිය හැකි වේ.

 

shinzo abe funeral

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්