ශ්රී ලාංකික සම්බවයක් ඇති ඕස්ට්රේලියානු ක්රීඩිකාවක් වන ජසින්ටා ගලබඩආරච්චි (Jacynta Prema de Nieva Galabadaarachchi)  ස්කොට්ලන්ත වෘත්තීය පාපන්දු සංගම් (Professional
Footballers’ Association Scotland) සම්මාන උළෙලේදී 2022 වසරේ තරුණ පාපන්දු ක්රීඩිකාවට හිමි සම්මානය හා සෙල්ටික් පාපන්දු සමාජයේ (Celtic Football Club) 2022 වසරේ පාපන්දු ක්රීඩිකාවට හිමි සම්මානය ද හිමිකර ගැනීමට  සමත් වී තිබෙනවා.
01.
02.
ජසින්ටා 2001 වසරේ ඕස්ට්රේලියාවේදී උපන් තරුණියක් වන අතර වයස අවුරුදු 5 පමණ කාලයේ සිට ඇය පාපන්දු ක්රීඩා පුහුණුවීම් වල නිතර වී තිබෙනවා. 2016/2017 වසර වලදී ඇය Melbourne City ක්රීඩා සමාජය සදහා ක්රීඩා කල අතර 2018/2019 වසර වලදී Perth Glory ක්රීඩා සමාජයට වෙනුවෙන්ද පාපන්දු ක්රීඩා කොට තිබෙනවා. 2019/2020 ඇය එංගන්තයේ West Ham United ක්රීඩා සමාජයට ක්රීඩා කල අතර ඉන්පසු 2020/2021 වසර ඉතාලියේ Napoli පාපන්දු සමාජය සමග ක්රීඩා කිරීමට වරම් හිමිකර ගෙන තිබුණා.
03.
04
ජසින්ටා ස්කොට්ලන්තයේ Celtic පාපන්දු ක්රීඩා සමාජයට ක්රීඩා කරන්නේ 2021 වසරේ සිටයි. Forward ක්රීඩිකාවක් ලෙස ඇගේ දක්ෂතා පසුගියදා පැවැත්වූ Scottish Women’s Football League පාපන්දු තරගාවලියේ ඇය සහභාගී වූ තරග තුල මනාවට පෙන්නුම් කර තිබුනා. අංක 8 ක්රීඩා කරන ඇය 2016/2017 වසරේ W-League Champions තරගාවලියේ ජයග්රහණය කළ Melbourne City කණ්ඩායමද නියෝජනය කර තිබුනා.
මනුජිත් අබේරත්න
05.
06.
07.
08.
09.
මෙන්න බලන්න තවත් පුවත්