ලොව සතුටින්ම සිටින මව් පදවිය ලද ලෙස්බියන් යුවළ

අද අපි කතා කරන්න යන්නේ ඉතාම සිත් ඇදගන්නාසුලු ටිකක් වෙනස් කතාවක් ගැන. ශ්‍රී ලංකාවේත් මේ වගේ කතා නැතිවම නෙවෙයි.  හරි දැන් අපි රසබර කතාවට යමු.

මේ ඉන්නේ රෆ්නියි එයාගේ බිරිඳ මිකේලායි. මෙයාලා ඉන්නෙ මෙක්සිකෝවේ. රෆ්නිත් මිකේලත් වෘත්තියෙන් වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධයි. මේ ඉන්නේ සමලිංගික යුවළක්. මං මෙහෙම කියන්නම්කො මේ ඉන්නේ මම දකින විදිහට ලෝකයේ සතුටින්ම ඉන්න සමලිංගික යුවල කියලා. රෆ්නිත් එයාගේ බිරිඳ මිකේලාත් ආදරය කරනවා.

ඉතින් මේ දෙන්නා ගැන අපි ටිකක් හොයලා බැලුවා. අපිට ගොඩක් විස්තර ලැබුණා. මෙයාල හමුවුණේ කොහොමද, මෙයාලගේ ආදරේ ගොඩනැගුණේ කොහොමද, මෙයාලා විවාහ වුණේ කොහොමද, මෙයාලගේ පවුල ගැන, මෙයාලා දැන් ජීවත් වෙන්නෙ කොහොමද, ඒ වගේම එයාලගේ බබාලා ගැනත් අද අපි කතා කරමු.

මේ දෙන්නා මුලින්ම හම්බවෙලා තියෙන්නේ Santa Clara university එකේදි. මෙයාලා දෙන්නම විශ්වවිද්‍යාලයේ සිසුවියන් වගේම ක්‍රීඩිකාවන් දෙදෙනෙක්. කණ්ඩායම් නායිකාවන් වෙලා ඉඳලත් තියෙනවා. ඉතින් ඔන්න ඔහොම ක්‍රීඩා කරන අතරතුරදී තමයි මේ දෙන්නව මුණගැහිලා තියෙන්නේ. මේ හමුවීමෙන් පස්සේ මිතුරන් වගේ සාමාන්‍ය විදිහට කාලේ ගත කරලා තියෙනවා. හැබැයි රෆ්නිට නම් මිකේලා ගැන පොඩි කැමැත්තකුත් ඇතිවෙලා තියනවා. නමුත් ප්‍රකාශ කරලා නැහැ. ඔවුන් ආදරය කරන්න පටන් ගන්නෙ විශ්වවිද්‍යාලයෙන් නෙවෙයි.

රෆ්නි මිකේලට වඩා වසරක් වැඩිමල්. මෙයාලගේ ආදර ඇරඹුම ගොඩක් සුන්දර ටිකක් දිග කතාවක්. මං ඔයාලට ඒක කෙටියෙන් කියන්නම්කෝ.

රෆ්නිත් මිකෙළත් මෙයාලගේ විශ්වවිද්‍යාල ජීවිතේ අවසන් කරලා වෙන වෙනම තමන්ගේ ජීවන ගමන ගිහින් තියෙනවා. ඒ අතරවාරයේදී නේවාසික සම්මුඛ් පරීක්ෂණයකදී මේ දෙන්නා නැවත හමුවෙලා තියෙනවා. මෙහිදී තමයි මේ දෙන්නට එකට කාලය ගතකරන කරන්න හම්බ වෙලා තියෙන්නේ. කොහොම වුනත් දෙන්නගේ හැඟීම් ප්‍රකාශ කරලා ආදරය පටන් ගන්නෙ ඔන්න ඔය අවස්ථාවේදී.

කොහොමහරි රෆ්නි මිකේලගේ දෙමව්පියන්ගේ කැමැත්තත් අරගෙන මිකේලා සමඟ 2014 දී විවාහ වෙනවා. මේ විවාහය සිද්ධවෙන්නේ ඓතිහාසික ලොරෙටෝ දේවස්ථානයේදී. කියන්න ඕන විශේෂ කරුණක් තියෙනවා ඒ තමයි මේ සුප්‍රසිද්ධ දේවස්ථානයේ විවාහ වුණු පළමු සමලිංගික යුවළ තමයි රෆ්නි සහ මිකේලා කියන්නේ. ඒ ගැන රෆ්නි බොහොම ආඩම්බර වෙනවා කියලා ඇගේ බ්ලොග් පිටු වල සදහන් කරලා තියෙනවා.

විවාහා ජීවිතේ සතුටින් ගත කරන විට මෙයලගෙ ජීවිතයට අලුත්ම සාමාජිකයන් සම්බන්ධ වෙනවා. 2016 අප්‍රේල් මාසයේදී මිකේලා පුංචි පුතෙකුට මවත් වෙමින් මව් පදවිය ලබන ලබන ලබනවා.  වැඩිකල් නොගොසින් එම අවුරුද්දෙම නොවැම්බර් මාසයේදී රෆ්නී මව් පදවිය ලබන්නේ නිවුන් දරුවන්ට උපත ලබා දෙමි දෙමින්. ඇයට පුංචි දුවෙකුත් පුංචි පුතෙකුත් ලැබෙනවා. කොහොම උනත් අද වෙන විටත් මෙයාල ඉතාම ආදරයෙන් සහ සතුටින් ජීවත් වෙනවා. දැන් නම් මෙයාලගේ බබාලත් ටිකක් ලොකුයි. ඉතින් මෙයාලගේ ජීවිතේ මෙයාල විඳින්නේ එක එක තැන්වල සංචාරය කරලා.

ඇත්තටම ආදරයට වයස, ජාතිය, ලිංග භේදයක් කිසිම දෙයක් අදාල වෙන්නේ නැහැ කියලා මෙයාලගේ මේ ලස්සන පවුල් ජීවිතය දකින්න ඔබට පැහැදිලි වෙනවා ඇති.  ඇත්තටම සහයෝගයෙන්, සමගියෙන් ආදරෙන් සිටීමට අවශ්‍ය වෙන්නෙ එකිනෙකා ගැන අවබෝධය. මම හිතනවා රෆ්නිටයි මිකේලාටයි හොඳ අවබෝධයක් ඇති කියලා.

අපි හදවතින්ම මෙයාලට සුබ පතමු මෙයාලගේ ජීවිතය සාර්ථක වෙන්න කියලා.

ඉතින් අද ලිපිය ගොඩක් දිග නිසා අපි තවත් දවසක කතා කරමු මෙයාලගේ මව් පදවිය ලැබීම සහ ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්