රෝම මුහුදට අවසන් හුස්ම පුද කළ රසිකාගෙ අවාසනාවන්ත පුවත

අපේ ජීවිතය හරිම අවිනිශ්චිතයි. නමුත් අවාසනාවකට ඒ දේ අපි තේරුම් ගන්න උත්සහ ගන්නෙම නැහැ. අද ලිපිය බොහොම කණගාටුදායක සිදුවීමක් තමයි අකුරු කරන්නට යන්නේ. කණගාටුදායක සිදුවීමක් වුණත් ජීවිතේට හොඳ පාඩමක් අරගෙන එනවා මේ ලිපියෙන්. අහම්බෙන් වගේ දැක්ක හදකම්පා කරන පුවතක් මේ ලිපිය ලියන්නට හේතු වුණා.

අපි බොහොම කැමති අපේ ජීවිතය විඳින්නට. නොසැලකිලිමත්කම නිසා විඳින්නට ගොස් ජීවිතයම විඳවන්නට වෙයි කියලා අපි නිකමටවත් හිතන්නේ නැහැ. නමුත් එහෙම අවස්ථා ඕනෑ තරම් අපිට හොයාගන්න පුළුවන්. අද කියන්න හදන්නේ ජීවිතේ විඳින්න ගොස් අවාසනාවන්ත ඉරණමකට මුහුණ පෑ රෝමයේ රසිකා ගැන. අද වෙනකොට ඇය ඇගේ ජීවිතයෙන් සමු ගත්තත් වැදගත් පාඩමක් අපේ මිනිස්සුන්ට ලබා දීලයි ගියේ.

ඇය පිළිබද අයෙක් මුහුණු පොතේ මෙලෙස සටහන් කර තිබුණා.

හිතාදර රසිකා..

ඇය මිය ගියාය..

මා ඇය හඳුනන්නේ 90 දශකයේ සිට රෝම නගරයේදීය. ලඟින්ම ඇසුරක් නොපැවතුනත්  ඉඳහිට හෝ මා සමග ඇය කතා කරේ කාගේ හෝ ප්‍රශ්ණයකට පිලිතුරක් හොයා ගන්නටය. නිහඬව වුවද ඇය යෙහෙළියන්ගේ නීතිමය ප්‍රශ්ණ වලට ඉදිරිපත් වී මා සමග එක්ව ඒවාට විසඳුම් සොයන්නට වෙහෙසුනාය. මා දන්නා පරිදි ඇයගේ ඉතාලි භාෂා දැනුමද ඉතාමත් ඉහලය. තවද ඇය ආදර දියණයකගේ සහ පුතකුගේ දයාබර මවක්ද විය.

මොහොතකින් වෙනස් කල හැකි අදහස්, ආකල්ප සහ තීරණ අප ගාව පැවතියත් අපගේ ජීවිත ගමන ක්ෂණිකව කවුරුන් හෝ කුමන මොහොතක හෝ වෙනස් කරාවිද, උදුරා ගනීවිද කියන්නට අප දන්නේ නැත. එය එසේ සිදුවන වන බවත් අප කැමෙත්තෙන් පිලි ගන්නේද නැත.

ඇයගේ කතාන්දරය අපට කියා දෙන්නේද එයයි. ජිවිතය මෙතරම් ක්ෂණිකව අහිමිවන වන බවද හිතන්නේද නැත. මේ සිදුවීම තුලින් අපට ඉගෙන ගත හැකි දේ බොහෝය.

ඊයේ දිනයේ (ජූනි 19) තම සේවා මුරය අවසන් වී හිතවතුන් සමග රෝම නගරයට ආසන්න මුහුදට ඇය ගියේ සැඳෑ වරුව නිදහසේ ප්‍රීති වීමට වෙන්නට පිලිවන. විඩාකර සේවාවක වෙහෙස නිවාලන්නට ඇය මුහුදට ගොඩ බැස්සේ තම යහලු යෙහෙලියන් සමග විනෝද වෙමින්ය. එසේ විනාඩි 10 ක් පමණ මුහුදේ විනෝද වෙමින් සිටි ඇයට බඩගින්නක් දැනුනා වෙන්නට ඇති. ඉක්මනින් ගොඩට ආ ඇය යෙහෙලියන් ගෙනා බත් සමග ව්‍යාංජන රස කරමින් ගිල දැමුවේ එය ඇයගේ අවසන් ආහාර වේල යයි නොසිතා වෙන්නටද ඇතිය. කටට දෙකට බත් ටික ගිල දැමු ඇය නැවතත් මුහුදට බැස්සේ තම යෙහෙලියන් සමග විනෝද වන්නටය. හවස් භාගයේ නිසා මුහුදු වතුරද යම් සීතල මට්ටමක පැවතී නිසා ඇය සිටියේ දණ හිසක් සේ පමණ වතුර මට්ටමකය.

වතුරට බැස ටික වේලාවකින් පසු ඇයට සෙම සමග වමනය යාමට පටන් ගත්තේ ඇයටද යමක් හිතාගන්නටවත් බැරි ලෙසටය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඇයගේ සහකරු සමග යහලුවන් ඇයව ඔසවා ගොඩට ගෙනාවේ ඇය අසූරු තත්ත්වය සිටින බව පසක් වූ බැවිනි. ඒ සමගම ඇයගේ සහකරු විසින් නොකඩවා ගලනා ඇයගේ සෙම ඉවතලන්නට මහාත් වෙහෙසක් ගත්තේය. වරක මුඛට මුඛ තබාද සෙම ඉවත් කරන්නට වෙහෙසීය. අවට සිටි ඉතාලි ජාතිකයන්ද ඇයට ප්‍රතිකාර ලබා දෙන්නට උත්සුක විය. ඒ අතර ඇයගේ හෘද ස්පන්දනය වේගය අඩාල බව දැන ගෙන හෘද ස්ප්න්දනය වේගවත් කරලීමට අවශ්‍ය ප්‍රතිකාරද කලේය. මොහොතක් යාමට පෙර ගිලන් රථයද පැමිණියේය. එහි සිටි සෞඛ්‍ය සේවා නිලධාරීන්ද ඇයගේ ජිවිතය බේරා ගන්නට මහාත් වෙහෙසක් දරන්නට විය. නමුත් ඒ වනවිටත් ඇය මේ ලොව අතහැර ගොස් තිබු බව සෞඛ්‍ය සේවා නිලධාරීන්ට අවබෝධ විය.

ජීවිතය කියන්නේ අපූරු නිර්මාණයක් වුවද ඒ නිර්මාණය විනාස වෙන්නට යන්නේ තත්පර ගනනකි. අපට කියා දෙන එක් අපූරු පාඩමකි එය.

අපේ බොහෝ අය බරපතල කමක් නොදැන මෙවන් දේ කරන වග අපි දනිමු. මරණ පරික්ෂණයෙන් ඇයගේ මරණයට වෛද්‍ය හේතු දක්වාවි. නමුත් අපි සරල දෙයක් මේ ගැන දනිමි. කෑම කෑ විගස නෑම හොද නැති බව අප අසා ඇත්තෙමි. අඩුම වශයෙන් කෑම කා පැයක පමණ කාලයකට පසු දියට බැසීම කල යුතු බව වෛද්‍ය ලිපි වල සදහන් වනවා.

යුරෝපයේ රස්න දේශගුනික කාලයේ ජලාශ වල දිය නෑමට මෙන්ම ප්‍රීති වීමට යාමට අපි කවුරුත් ප්‍රිය කරන්නෙමු. නමුත් තම ජිවිතය පරිදුවට තබා අනාරක්ෂිත ලෙස ක්‍රියා කිරීමෙන් තම ජිවිතය අවධානම් බව සිහියට ගන්නේම නැත. මරණයෙන් පසු තමන්ට යමක් නොදැනෙනවා වෙන්නට පුලුවන. නමුත්

තමන්ගෙන් යැපෙන සහ තමන්ගේ රැකවරණය ලබන පිරිස් ගැන සිතා ඉතාමත් කල්පනාකාරීව විනෝද වීම සිදු කල යුතුවේ.

හිතාදර රසිකා.. ඔබට නිවන් සුව අත්වේවා !!

රෝමයේ වෙසෙන මා මිත්‍ර වජිර සමරක්කොඩි මහතාට විශේෂ ස්තුතිය.

අජිත් හෙට්ටිආරච්චි.

නොසැලකිලිමත්කම නිසා ආදරණීය දරුවන්ට මවක් අහිමි වුණා, සැමියෙකුට ආදරණීය අහිමි වුණා, හිතාදර මිතුරන්ට තම මිතුරියන් අහිමි වුණා.  යමක් කරන්නට පෙර තවත් වරක් සිතන්න.

බොහෝ අවස්ථාවල අපේ ලිපි මගින් ඔබගේ ශරීර සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටිනවා ඒ වගේම නොරෝගි දිවියකට අවශ්‍ය කරන බොහෝ කරුණු අපි ඔබට ගෙන එනවා. මම හිතනවා නැවත මෙවන් දෙයක් අසන්නට නොලැබේවි කියා. රසිකා අපට ලබාදුන් මේ පණිවිඩය සිහි තබාගෙන ජීවත්වන ජීවිතය විඳිමු.

http://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්