රාජ අලියාගේ ජීවිතය තුලින් ඔබේ ජීවිතයට පාඩමක් – මේ අසීරු කාලයේ දී මේ ලිපිය ඔබව අනිවාර්යෙන්ම වෙනස් කරාවි

ඔබ කවුරුත් දන්නවා ඇති රාජ අලියා ගැන, ඔහු තමයි දිගුම ආයු කාලයක් සහිත පක්ෂියා. එම ආයු කාලය අවුරුදු 70 ක්. ඒ වගේම වේගයෙන්ම පියාඹන්න පුළුවන් පක්ෂියත් රාජ අලියා. තවත් විශේෂ කරණයක් තියෙනවා. රාජ අලියාට ජීවිත කාලයටම සිටින්නේ එකම එක සහකාරියක් පමණයි. එක පක්ෂියෙක් මර ණය පත් වුණොත් අනෙත් පක්ෂියත් සතියක් ඇතුළත මිය යනවා. කුරුළු ලෝකයේ විශේෂිත පක්ෂියෙක් වන රාජ අලියා ගැන අපි නොදන්න දේවල් තියනවා. ඒ වගේම මේ වගේ අමාරු කාලයක රාජ අලියාගේ ජීවිතය අපිට ඉමහත් ආදර්ශයක් වෙනවා. ඒ නිසා තමයි රාජ අලියාගේ ජීවිතය ගැන කතා කරන්න හිතුවේ.
රාජ අලියාගේ ආයු කාලය වසර 70ක්. නමුත් එතරම් කාලයක් ජීවත් වීමට නම්, ඔහුට ඉතා බරපතල මෙන්ම දැඩි තීරණයක් ගත යුතුයි. රාජ අලියාට දැඩි තීරණයක් ගන්නෙ නැතුව අවුරුදු 70ක් ජීවත් වෙන්න බැහැ.
ඉතින් අවුරුදු 40ක් විතර යන කොට රාජ අලියා නාකි වෙනවා. ආහාර පිණිස ගොදුරු ඩැහැ ගත නොහැකි තරමට නියපොතු වැවිල වැවිල ගණ වෙලා, වකුටු වෙලා නියෙහි නම්‍යශීලි බව නැතිවෙලා යනවා.
ඒ වගේම රාජ අලියාගෙ හොට වකුටු වෙනවා, මස් ඉරාගෙන කන්න බැරි වෙනවා, ඝණකම් පිහාටු පිරුණු අත්තටු පපුවට තදවෙලා පියාබන්න අතිශය දුශ්කර වෙනවා. දැන් රාජ අලියාට අභියෝග 3ක් තියනවා. මේ අභියෝග ජය නොගත්තොත් රාජ අලියාට ආහාර සොයාගැනීමට නොහැකිව මර ණයට පත් වෙන්න වෙනවා.

මේ ගැටලුවේදී රාජ අලියාට විකල්ප දෙකක් තියනවා

එක්කෝ ඔහු මි ය යා යුතුයි, නැතිනම් දින 150ක අතිශය වේ දනාකාරි වෙනසකට යොමු විය යුතුයි.
රාජ අලියා කුමන තීරණයක් ගනු ඇත්ද?
ඔබ රාජ අලියකු නම් ගන්නා තීරණය කුමක් වෙයි ද?
රාජ අලියා දෙවෙනි විකල්පය තෝරගෙන වෙනස් වෙන්න තීරණය කරනවා. ඔහුගේ පරිවර්තන කාලය දින 150 යි.
කියාවලිය ආරම්භ කිරීමට ඔහු පලමුවෙන්ම තියුණු ගල් සහිත උස් කදු මුදුනක් වෙත ගමන් ගන්නවා. ඒකෙ තියෙන හොද තිරිවානා ගලක් අල්ලලා හ ප්පනවා තමන්ගෙ හොට, හ ප්පල හොට කඩල දානවා. ලේ#වැක්කෙරෙද්දි ගිහිල්ල වාඩි වෙනවා, දින 50ක් 55ක් ඔලුව හොල්ලන්නෙ නැතුව නිරාහාරව වැත්රිලා ඉන්නවා, මොකද අර වැක්කෙරෙන#ලේ වලින් තමා අලුත් හොට හැදෙන්නෙ.
දෙවනුවට අලුත් හොට වැඩුනු පසු ඒ හොට වලින් තම පැරනි නියපොතු ග ලවලා දානවා. ඊට පස්සේ ආපහු කකුල් දෙක උඩ තියාගෙන දවස් 50ක් 55ක් යලිත් නිය වැඩෙන තුරු නිරාහාරව බලා ඉන්නවා.
නිය වැඩුනු පසු කන්න හොයන්න යන්නෙ නැහැ, ඊලගට බරට වැඩුනු අත්තටු වල ඇති පිහාටු එකින් එක හොටෙනුයි නියපොතුවලිනුයි ග ලවලා දානවා. ආපහු පිහාටු වැඩෙන තුරු දින 30ක් පමන බලා ඉන්නවා.
පස් මසක් ගතවූ තැන ඔහු සාඩම්බර ගුවන් ගමනකට නව ජීවනයක් තරුණ ජවයක් සමග තවත් වසර 30ක දීර්ඝ ජීවිතයක් උරුම කරගන්නවා.
ඔහුගේ හොට කැඩී යද්දී ලොකු වේ දනාවක් දැනෙන්න ඇති. තමාගෙම නිය, පිහාටු ග ලවා දමද්දි ඒ වේ දනාව දරාගන්න බැරිවෙන්න ඇති. නමුත් අනාගත සුබ සිද්දිය නිසා ඔහු එම කටුක වේ දනාව දරාගත්තා.
මේ අසීරු කාලයේදී රාජ අලියා අපිට හොඳ පාඩමක් කියලා දෙනවා. ඒ වගේම අපේ අනාගතය වෙනුවෙන් වර්ථමානය නිවැරදි අයුරින් කැප කරන්න ඕන. එය දිනක ඔබව සතුටු කරාවි.. ජීවය පිරුණු රාජ අලියෙක් වීමට එය උපකාරී වෙයි.
අභිමානවත් රාජ අලියකු සේ සැබෑ වෙනසක් කරන්නට ඔබ සූදානම්ද කියා ඔබේ හදවතෙන් දැනම අසන්න.
මෙන්න බලන්න තවත් පුවත්