මේ දවස් වල ජොබ් කළත් ටිකක් අමාරුයි නේද? ජොබ් එකක් කරන ගමන් සල්ලි ලැබෙන තවත් ක්‍රමයක් තිබුනොත් ලේසියි නේද.

ස්ල්ලි හොයන්න පුළුවන් ක්‍රම කිහිපයක්

කොහොමද යාලුවනේ. කියන්න තරම් හොඳක් නෑ නේද?. මොකද අපි විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීලානේ ඉන්නේ.. මේ ගැටලුව රටට විතරක් නෙවෙයි අපේ ජීවිත වලටත් තදින්ම බලපාලා ඉවරයි මේ වෙනකොට. අපි ගන්න වැටුප ඇත්තටම ජීවන වියදමත් එක්ක බලද්දී හැරෙන්නවත් මදි නේද. කොහොම වුණත් මේ ගැටලුව අපිමයි විසඳගන්න ඕන. වෙනත් කෙනෙක් අපේ අඩුපාඩු බලන්නේ නෑනේ. ඉතින් මම හිතුවා ඔයාලට ඒ වෙනුවෙන් පුංචි හරි විසඳුම්ක් අරගෙන එන්න. නිකන් හිතන්න බලන්න ජොබ් එකක් කරන ගමන් තවත් සල්ලි එන ක්‍රමයක් අපිට තිබුනොත් මේ ජීවන ගමන යන්න පුංචි හරි උදව්වක් වෙයි නේද. එහෙම සල්ලි හොයන්න පුළුවන් ක්‍රම කිහිපයක් කියලා දෙන්න තමයි අද සූදානම් වෙන්නේ.

සල්ලි හොයන ක්‍රම කිව්වම ඉතින් කවුරුත් හිතයි බිස්නස් ටිප්ස් කියල. නෑ නෑ. මේ කියන්න යන්නෙ ගෙදර ඉන්න ගමන් හෝ තවත් රැකියාවක් කරන ගමන්ම වුණත් අතිරේකව මුදලක් උපයගන්න, තෝරගන්න පුළුවන් මාර්ග කිහිපයක්. අද කාලෙ ඉතින් කොයි දේටත් සල්ලි ඕනනෙ. ඉතින් රස්සාවක් කළා කියල අමතර ආදායමක් ලැබෙන එක වැඩිවෙන්නෙ නෑ කවදාවත්. මෙන්න මේ කියන ක්‍රම වලින් මොකක් හරි ගැන හොයල බලල අමතර ආදායමක් හොයාගන්න උත්සාහ කරල බලන්නකෝ. මම හිතනවා ඔයාට සාර්ථක ප්‍රතිඵල ලැබෙයි කියලා.

1) Blog එකක් ආරම්භ කරන්න

Blog අඩවියක් නිර්මාණය කිරීම තුලින් ඔයාට ඔයාගෙ පෞද්ගලික සන්නාමයක් ගොඩනගා ගැනීමට හැකියාවක් ලැබෙනවා. මේකෙන් ඔයාගේ පෞර්ෂය රටට ලෝකයට රැගෙනයාමට ඔයාට හැකියාවක් ලැබෙනවා. මේ තුළ ඔයාට ඕනෑම දෙයක් ලිවීමට හැකි අතර ඔයාගේ දෛනික ජීවිතයේ සිදුවීම් (Diary Blog) ඒ වගේම ඔයාගේ රුචිකත්වයට අදාල ලිපි ඔබට ලිවීමට හැකියාවක් තියෙනවා. ඔයාට මෙහිදී අදායම් ලෙස ඒ හා අනුබද්ධ අලෙවිකරණයන් , අනුග්‍රාහක පළකිරීම්, membership content, brand partnerships හරහා ඔයාගේ blog එකෙන් මුදල් උපයන්න පුළුවන්.

2) Instagram Influencer කෙනෙකු වීම

සමාජයේ කීර්තිමත් පුද්ගලයෙකු වීමට හැමෝම කැමතියිනේ. සමාජයේ බොහෝ අය වෘත්තීය මට්ටමේ ගායන කුසලතාවයන්, නර්ථන කුසලතාවයන් තියෙන අය නෙවෙයි. පුද්ගලයන් විවිධ දේවල් වලට කැමති අය වෙන්න පුළුවන්. ඔයාට ඔයාගේ පෙනුම, ඔයගේ සුරතලා, ඔයාගේ ඡායාරූපකරණය හරි ඔයාගේ අසාමාන්‍ය දක්ෂතා මත ඔයාගේ ගිණුම පදනම් කරගෙන ඊට පස්සේ ඔයගේ following ගොඩනගා ගන්න පුළුවන්. Instagram හී අනුග්‍රහකයන් දක්වන පළ කිරීම් හරහා මුදල් ඉපයීමට පූළුවන්. ඔයා වියදම් කරනවාට වඩා වැඩි මුදලක් උපයා ගන්න පුළුවන්.

3) සමාජ මාධ්‍ය කළමනාකරණය

සමාජ මාධ්‍ය කළමනාකරුවෙකු ලෙස ඔයාට සමාගමක හෝ වෙළඳ නාමයක සමාජ මාධ්‍යන් කළමනාකරණය කිරීම සහ නඩත්තු කිරීම සිදු කිරීමට හැකියාව තියෙනවා. මේ දේ ඔයාට ඔයාගේ කාලය සමඟ කළමනාකරණය කරගනිමින් සිදුකිරීමට පුළුවන්. මෙය ඕනෑම තැනක සිට සිදුකිරීමට හැකිවීම අනෙක් විශේෂත්වයයි. Facebook, Instagram, Twitter වැනි සමාජ මාධ්‍ය ව්‍යාපාරවලට ඔවුන්ගේ නිෂ්පාදන හෝ සේවා ප්‍රවර්ධනය කිරීමට උදව් කිරීම ඔයාගේ මූලික වගකීම වන අතර ඔයා ඩිජිටල් ලෝකයේ අලෙවි ව්‍යාපාරයන් සඳහා දක්ෂතාවයන් දක්වන්නේනම් ඔයාට මෙය නියම අවස්ථාවක්.

4) යූ ටියුබ්

යූ ටියුබ් කියන්නෙත් අද කාලෙ අන්තර්ජාලය හරහා මුදල් හොයන්න පුළුවන් ප්‍රසිද්ධම ක්‍රමයක්. පඳුරකට පයින් ගැහුවොත් දුසිමක් දෙකක් විසිවෙන තරමට අද ලංකාවෙ යූ ටියුබර්ස්ල ඉන්න බව නම් ඇත්ත තමයි. හැබැයි හරියට ක​ළෝතින් අති විශාල ආදායමක් විතරක් නෙමෙයි ඒත් එක්කම ලොකු ප්‍රසිද්ධියක් ලබන්නත් පුළුවන් ක්‍රමයක් තමයි මේක. මුලින්ම තමන්ට පහසු, කැමති වි​ෂයක් තෝරගන්න ඕන මේ චැනල් එක කරගෙන යන්න. Food, Travelling, Crafts ඕන එකක්. චැනල් එක ඕපන් කරල අදා​ළ වි​ෂයට අනුව සකස් කරපු වීඩියෝ පල කරන්නයි තියෙන්නෙ. හැබැයි මුදල් ලැබෙන්නෙ මිනිස්සු ඒව බලන්න පටන් ගත්තම. ඒ නිසා චැනල් එක ටිකක් ප්‍රමෝට් කරන්නත් ඕන. මුලදි views කිහිපයකටනම් මුදල් ලැබෙන්නෙ නැහැ. නමුත් කල් යද්දි එක ලිමිට් එකකින් පස්සෙ ලැබෙන views වලට අනුව යූ ටියුබ් ආයතනයෙන් ඔයාලට ගෙවීම් කරනවා.

5) ගුරුවරයෙකු වීම.

ඔයා ගණිතය, විද්‍යාව හෝ වාණිජ්‍යය හෝ වෙනත් විෂයයන් පිළිබඳ ප්‍රවීණයෙක් නම්, ඔවුන්ගේ අධ්‍යයන කටයුතු වල නිරතවෙන සිසුන් සමඟ ඔයාගේ දැනුම බෙදා ගැනීමට අවස්ථාව තිබෙනවා. ඔයාට ඉගැන්වීමට හැකි විෂය තෝරාගෙන සාමාන්‍ය ආකාරයෙන්ද ඒ වගේම Online ඔස්සේ Zoom , Meets ,teems වැනි තාක්ෂණයන් ඔස්සේ ද ඔයාට පන්ති පවත්වන්න පුළුවන්. උපකාරක පන්ති යනු ලංකාවේ ලාභදායී රැකියා ක්ෂේත්‍රවලින් එකක්. ඔයාට අර්ධකාලීන ගුරුවරයෙක් ලෙස ක්ෂේත්‍රයට එකතු වෙන්න පුළුවන්.

6)Data Entry Work

මෙය ලංකාව තුල ඉතාමත් අවතක්සේරු කරන ලද රැකියාවක්. මෙම රැකියාව තුළ කලයුතුවන්නේ යම් පද්ධතියකට තොරතුරු ඇතුලත් කිරීමයි. මෙම රැකියාවේ විශේෂත්වය තමයි ඔයාට මේ සඳහා පළපුරුද්දක් අවශ්‍ය නොවීම. බොහෝ අවස්ථාවලදී වැඩ කරන වේලාවන් අතිශයින්ම නම්‍යශීලි විය හැකි අතර දත්ත ඇතුළත් කිරීමේ සේවකයෙකු ලෙස වැඩ කිරීමෙන් ඔයාට හොඳ ආදායමක් ලබාගන්න පුළුවන්.

7) Freelancing

ඔයා යම් සේවා ක්ෂේත්‍රයක විශේෂඥ නම් ඔයා ඔයාගේ විනෝදාංශයෙන් මුදල් ඉපයීමට තරම් දක්ෂයෙක්නම් Freelancing කිරීමට ඔයාට නියම අමතර රැකියාවක්. මෙම ක්ෂේත්‍රයේ විශේෂත්වය නම් ඔයාට කැමති ඔයා දක්ෂ දේ කිරීම තුලින් මුදල් ඉපයීමේ හැකියාවක් තිබීමයි. Freelancing කියන්නේ ඔයාට මුදල් ඉපයීමට හොද අදායම් මාර්ගයක් Freelance writing සහ freelance graphic designing කියන්නේ මෙම ක්ෂේත්‍රයේ කොටස් දෙකක් පමණයි. නමුත් මෙහි අදායම් ඉපයීමේ මාර්ග බොහෝමයක් තියෙනවා. Freelancer.com, Fiverr, Upwork, Designhill, We Work Remotely, FlexJobs, Guru, Truelancer, PeoplePerHour සහ FreeUp වැනි වෙබ් අඩවි වලින් Freelancing රැකියා අවස්ථාවන් උදාකරගන්නට පුළුවන්.

8) dropshipping ව්‍යාපාරයක් ආරම්භ කරන්න

මෙය ටිකක් සුළු අවදානමක් තියෙන ක්ෂේත්‍රයක් වුවත් මෙය මුදල් ඉපයීමට හොඳ විකල්පයක්. dropshipping යනු තොග අතේ තබා නොගෙන විකුණුම්කරු පාරිභෝගික ඇණවුම් භාර ගන්නා සිල්ලර ව්‍යාපාරයකි. ඔයාට අන්තර්ජාලය හරහා ඔයාට අවශ්‍ය ඕනෑම දෙයක් විකිණිය හැකිය. අහාර ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල සිට කලා හා අත්කම්, ඇඟලුම් සහ උපාංග වගේ බොහොමයක් ඔයාට විකිණීමේ හැකියාව තියෙනවා. ඔයාගේ dropshipping ව්‍යාපාරයෙන් උපයන මුදල් ප්‍රමාණය රඳා පවතින්නේ ඔයා ව්‍යාපාරයට සහ එහි අලෙවිකරණයට කොපමණ මුදලක් යොදවනවාද යන්න මතයි.

9)Drive for Uber and PickMe

Uber හෝ PickMe සඳහා රියදුරෙකු ලෙස ලියාපදිංචි වීමෙන් ඔයාට හොඳ ද්විතීයික ආදායමක් ලබා ගන්නට පුළුවන්. ලියාපදිංචි වීමේ ක්‍රියාවලියද ඉතාමත්ම පහසුවන අතර Uber සහ PickMe ධාවනය සඳහා ඔයාට අවශ්‍යවන්නේ ඔයාගේ වාහනය, දුරකථනය පමණයි. ඔයා රැකියාවෙන් ඉවත් වූ සහ රැකියාව අහිමි වූ අයෙක්නම් මේ රැකියාව පුර්ණකාලීනව වුවද සිදුකරීමට හැකියාව තියෙනවා. මේකට නම් ඉතින් පෙට්‍රල් ඩීසල් ප්‍රශ්නය ටිකක් බලපානවා.

10) කාමරයක් හෝ අමතර දේපලක් කුලියට දෙන්න

ඔයාට අමතර කාමරයක් හෝ දේපලක් තියනවා නම්, ඒක කුලියට දීලා  අදායමක් උපයාගැනීමට පුළුවන්. ඔයාට මේ සඳහා හොඳම දුරකථන App එකක් තමයි Airbnb කියන්නේ. ඔයාගේ මෙම දේපල ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක පිහිටා තියනවා නම් අදායම දෙගුණ කරගැනීමට පුළුවන්. ඊට අමතරව කාමර හෝ දේපල කුලියට දීමට හා විකිණීමට Ikman.lk වැනි වෙබ් අඩවි යොදාගන්නට පුළුවන්.

11) Create NFTs

Non-Fungible Tokens කියන්නේ මේ අවස්ථාවේ ලොකු වටිනාකමක් තියෙන දෙයක්. NFTs යනු රූපයක්, වීඩියෝවක් හෝ ශ්‍රව්‍ය පටිගත කිරීමක් විය හැකි කලාත්මක සංයෝජනයක්. මෙය සිදුකිරීමට කලින් ඔයා මේ ගැන හොදින් අධ්‍යනය කරන්න ඕන. හොඳ තාක්ෂණික හැකියාවක්ද ඒ වගේම මනා නිර්මාණශීලීත්වයක් ඔයාට තියෙන්න ඕන. මෙය ටිකක් අවදානම් සහගත ක්‍රියාවක් බව මතුපිටින් බැලූවිට පෙනුනත් ඇත්තටම හොඳ අධ්‍යනයකින් පසු සිදුකිරීමට හොඳම දෙයක් තමයි මේ NFTs කියන්නේ. මේ හරහා මුදල් ඉපයීමද විනෝදජනක දෙයක්. මන්ද, මෙය නිර්මාණශීලි අය වෙනුවෙන් නිර්මාණය වුන වේදිකාවක් නිසා.

12) ස්වයං රැකියා

මේක ඉතින් ඕන කෙනෙක් දන්නවනේ. ගෙදර ඉඳන් තමන්ගෙ උත්සාහයෙන් කරන රැකියාවක් තමා ස්වයං රැකියා කියල අදහස් කරන්නෙ, මැහුම් ගෙතුම්, මල් පැල විකිණීම, ආහාර වර්ග වෙළඳාම වගේ හුඟක් දේවල් මේ යටතට ගැනෙනව. මුලින් කරන ව්‍යාපාරය මොකක්ද කියල තීරණය කරල ඒ අනුව තමා ඉදිරි කටයුතු කරන්න ඕන. ඒ කියන්නෙ මල් පැල විකිණීම වගේ දෙයක් ගෘහ පරිමාණයෙන් කරන්න පුළුවන් උණාට ගෙදර හදන කෑම වෙළඳපොලේ විකුණන්න වගේ හිතනවනම් ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරල තමයි කරන්න ඕන.

13) රිසර්ච්/අසයින්මන්ට් Writing

මේකෙදි වෙන්නෙ විශ්වවිද්‍යාල වල හෝ වෙනත් උසස් ​අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යා​වන්ගෙ අසයින්මන්ට් සහ රිසර්ච් රිපෝර්ට්ස් ඒ අය වෙනුවෙන් මුදල් අරගෙන ලියල දෙන එක. හරිම වැඩක් නොවුනත් අද කාලෙ කර​න රැකියා එක්ක ඇතිවෙන කාර්‍යබහුලකම වගේ කාරණා එක්ක හුඟක් දෙනෙක් මෙහෙම මුදල් ගෙවල තමයි මේ රිපෝර්ට්ස් ලියාගන්නෙ. හැබැයි මේ වැඩේ කරන්නනම් පොඩි කාරණා ටිකක් සම්පූර්ණ වෙන්න ඕන. ඒ කිව්වෙ අසයින්මට්ස් ලියන්නනම් ඒ අදා​ළ විෂය​ය ගැන දැනුමක් තියෙන්න ඕන වගේම වැඩේ භාරදෙන කෙනාට විශ්වාසයක් ඇතිවෙන්න නම් අදා​ළ වි​ෂයට ලබා ගත්ත අධ්‍යාපන සුදුසුකමක් තියෙන එකත් වැදගත්.

14) නෙට්වර්ක් මාකර්ටින්

නෙට්වර්ක් මාර්කටින් කියන්නෙ ජාලයක් විදිහට පුද්ගලයින් බඳවා ගනිමින් ඔවුන් හරහා කරන වෙළඳාමයි. මේකට අපි හැමෝම වගේ දන්න හොඳම උදාහරණයක් තමයි ඔරිෆ්ලේම් කියන්න්. එක් ප්‍රධාන වෙළඳ නියෝජිතයෙක් යටතට ජාලයක් විදිහට තව තව නියෝජිතයින් බඳවා ගනිමින් ඔවුන්ගෙ වටපිටාවෙ සම්බන්ධතා තියෙන අයට භාණ්ඩ අලෙවි කරන එක තමයි ක්‍රමවේදය. ඔරිෆ්ලේම් හැරුනහම මේ විදිහට නෙට්වර්ක් මාර්කටින් ක්‍රමයට වැඩ කරන තවත් බ්‍රෑන්ඩ්ස් හුඟක් දැන් ලංකාවෙ තියෙනවා.

මේ ආර්ථික අර්බුදය හමුවේ ඔයාට ඇතිවීමට තියෙන ආර්ථික ගැටළු හමුවේ පවුලේ අවශ්‍යතාවයන් ඉටුකිරීමට ඔයා ඉතාමත් ලොකු අරගලයකට මුහුණදෙන බව අපි දන්නවා. අප ඉහත දක්වා ඇති අවස්ථාවන් ඔයාට ප්‍රයෝජනවත් වේවි. මීට අමතරව අපට වෙනත් අදායම් මාර්ගයන් මඟ හැරී ඇත්නම් අපිවත් දැනුවත් කරන්නකො.

http://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්