මේ දවස්වල හැමෝම කතාවෙන භයානක ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ගැන හරියටම දැනගන්න

මේ දවස් වල නිතර අහන්න තියෙන රෝගයක් තමයි ඉන්ෆ්ලුවෙන්සා වෛරස කියන්නේ. ප්‍රවෘත්ති වල නිරන්තරයෙන්ම මේ වෛරසය ගැන කියවෙනවා. ඒ වගේම රෝගීන් බොහෝ ප්‍රමාණයක් හමුවුණ බවත් මරණ පවා සිදුවුණු බවත් අහන්න ලැබෙනවා. ඔය කාරණා නිසාම අපිට හිතුනා මේ වෛරසය ගැන ටිකක් හොයල බලන්න.

රෝගය පිළිබඳව හරියාකාරව දැන සිටීම රෝගයෙන් බේරීමට උදව්වක් වෙයි. අවදානමට පෙර සූදානම හොඳයි කියලයි මම හැමදාම කියන්නේ. ඉතින් යාලුවනේ අපි බලමු මේ වෛරසය මොකක්ද කියලා.

ඉන්ෆ්ලුවෙන්ස් කියන්නේ ඉතාලියේ වචනයක්. එකේ සිංහල තේරුම් තමයි “බලපෑම”. ඉතින් මේ වෛරසය මඟින් මිනිස් ශරීරය තුළ පහත සඳහන් රෝග ලක්ෂණ ඇති කරනවා.

01

රෝග ලක්ෂණ

  • උණ ඇඟ සිසිල් කර වෙව්ලීම
  • උගුරේ කැක්කුම
  • ඇඟපත වේදනාව
  • තදබල හිසරදය
  • කැස්ස
  • ඇඟපත අප්‍රානික වීම
  • වමනය හා ඔක්කාරය
  • පාචනය

රෝගය බැරෑරුම් අවස්ථාවලදී  කුඩා ළමුන්ට හා වැඩිහිටියන්ට මාරාන්තික වන නියටෝනියාව ඇති වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඇතැම් අවස්ථා වලදී මෙය සාමාන්‍ය කැස්ස හෙම්බිරිස්සාව ලෙස වරදවා වටහා ගතද ඉන්ෆ්ලුවෙන්සාව යනු ඊට වඩා බරපතල, වෙනස් වූ වෛරස කාණ්ඩයක් නිසා ඇති කරන රෝගී තත්ත්වයක්. මෙමගින් විශේෂයෙන්ම කුඩා ළමුන්ට වමනය හා ඔක්කාරය ඇති කරනවා. නමුත් මෙම රෝග ලක්ෂණ සාමාන්‍ය බඩේ අජීරණයක් හෝ පාචන තත්ත්වයක ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒ වුණත් ඇතැම් අවස්ථා වලදී ආන්ත්‍රික උණ, පැය විසිහතරේ උණ දක්වා වෙනස් වෙනවා.

රෝගය බෝවන්නේ ආසාදිත ක්ෂිරපායින්ගේ කැස්ස, කිවිසුම, මගින් පිටවන වෛරස රැගත් බිඳිති මගින් හා පක්ෂීන්ගේ වසුරු මගිනි. තවද ඛෙටය, සොටු, මලපහ, හා රුධිරය මගින්ද රෝගය බෝ වෙන්න පුළුවන්. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මිනිස් සිරුරේ උෂ්ණත්වය සතියක් පමණද පැවතෙනවා. බොෆ් ඉන්ෆිලුවෙන්සා වෛරස ඉතා පහසුවෙන් විෂබීජහරණය හා පවිත්‍රකාරකයක් මගින් විනාශ කළ කරන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ.

02

රෝගය ලොව පුරා ව්‍යාප්ත වන්නේ සෘතුමය වෙනස්කම් අනුවයි. මෙයින් ලොව පුරා වසංගත අවස්ථාවන් හිදී රෝගීන් මිලියන ගණනින්ද වසංගත නොවන අවස්ථාවන්හිදී දහස් ගණනින්ද මරණයට පත් වෙලා තියනවා. විසිවන ශතවර්ෂයේදී ඉන්ෆ්ලුවෙන්සා වසංගත අවස්ථාවන් තුනක් ඇති වෙලා තියනවා. එමගින් මිලියන දහයක් ජනතාව මරණයට පත් වෙලා තියනවා. මෙම අවස්ථා තුනේදීම වෙන්වු වෛරස කාණ්ඩ තුනක් මගින් තමයි රෝගය ඇති වෙලා තියෙන්නෙ. බොහෝවිට මෙම අළුත් වෛරස වර්ග මිනිසාට ඇතුලුවුයේ වෙනත් සත්ව කොට්ඨාශ වලින් වෙන්නත් පුළුවන් කියලා තමයි ලිපි වල සදහන් වෙන්නේ.

සංවර්ධිත රටවල් වල ජනතාවට රෝගය ඇතිවීම වැළැක්වීම සඳහා එන්නතක් හදුන්වා දී තිබෙනවා. මෙම එන්නත රෝගය ඇති වීමට වැඩි අවධානමක් ඇති අයට හා කුරුළු ගොවි පොළෙහි කාර්යයන්හි නියුතු වූවන්ට ලබාදේ. වඩාත් බහුලවම භාවිතා වන ඉන්ෆ්ලුවෙන්සා එන්නත් වන්නේ අක්‍රිය කර පිරිසිදු කරන ලද ත්‍රිසංයුජ වෛරසයන්ගෙන් සාදන ලද්දක්. මෙම එන්නත අන්තර්ගත වන්නේ ඉන්ෆ්ලුවෙන්සා A වෛරස ප්‍රභේදB වෛරස ප්රභේද එකකින්. එක් වසරක් සඳහා නිෂ්පාදනය කරන ලද එන්නතක් ඊළග වසර සඳහා බලනොපවත්නේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සීඝ්‍ර ලෙස කාලයක් සමගින් අළුත් ප්‍රභේදයන් ඇතිකරගන්නා නිසායි.

03

යමිකිසි පුද්ගලයෙකුට හෝ දරුවෙකුට ඉහත සදහන් කරපු රෝග ලකෂණ එකක් හෝ කිහිපයක් මතු වුවහොත් අනිවාර්යයෙන්ම ඒ පිළිබද සැලකිලිමත් විය යුතුමයි. එයට හේතුව වන්නේ අද දවස වන විට සමාජයේ වෛරස් රෝග සමග ඉන්ෆ්ලුවෙන්සා A සහ B යමිතාක් දුරකට පැතිර තිබීමයි. ඉන්ෆ්ලුවෙන්සා රෝගය එකම ආකාරයකට සමාජයේ පැතිර නොයන විවිධාකාර මුහුණුවරකින් එළිබහින රෝගයක්. මේ හේතුවෙන් ඉන්ෆ්ලුවෙන්සා රෝගය මර්දනය කිරීම යම්තාක් දුරකට අපහසු කරුණක් වෙලා තියෙනවා. මේ සඳහා කළ යුත්තේ අවුරුද්දෙන් අවුරුද්දට පැමිණෙන වෛරසයේ ස්වභාවය අනුව එන්නත් වෙනස්කම්වලට භාජනය කිරීමයි. ඉහත සඳහන් රෝග ලකෂණ ඇත්නම් එක් දවසක් හෝ දවස් දෙකක් ගත වීමෙන් අනතුරුව නාසය අභ්‍යන්තරයේ සාම්පලයන් ගෙන පරිකෂණයක් සිදුකරගැනීම තමයි මුලින්ම කර්න්න ඕන. එයින් අසාධ්‍ය තත්වයකට මුහුණ දීමට හැකි වන ප්‍රවණතාවය ද අවම කර ගන්න පුළුවන්.

ඉන්ෆ්ලුවෙන්සා සාමාන්‍ය වෛරස් උණක් වුවත් වයස අවුරුදු 1කට අඩු දරුවන්ට, වැඩිහිටි පිරිසට සහ ගැබිනි මව්වරුන්ට, නිදන්ගත රෝග ඇති පිරිසට මෙහි වැඩි බලපෑමක් ඇති කිරීමට ඉඩ තියෙනවා. 1918 වර්ෂයේ දී මෙම වෛරසය හඳුනා ගත් අතර කාලෙන් කාලෙට ලොව පුරා හෝ යම් යම් ප්‍රදේශවල පැතිරිම සිදු වෙලා තියෙනවා. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය විශේෂයෙන්ම හඳුනා ගෙන ඇත්තේ සීතල රටවල පැතිරන වෛරසයක් ලෙසයි. මේ නිසා විදේශීය රටවල් බොහොමයක් ඉන්ෆ්ලුවෙන්සා ප්‍රතිශක්තිකරණ වෛරසය ලබා දෙනවා.

04

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය තවත් පුද්ගලයෙකුට වැළඳිය හැකි වෛරසයක්. ඒ අතර

  • නිරෝගී පුද්ගලයකු සෘජුවම රෝගී පුද්ගලයෙකුට නිරාවරණය වීම
  • වෛරසය වැළඳී ඇති අයකු පරිහරණය කළ භාණ්ඩ පරිහරණය කිරිම
  • ආසාධිත බිඳිති ආග්‍රහණය කිරීම
  • ආදිය හේතුවෙන් මෙම වෛරසය වැළඳීමට ඉඩ තියෙනවා.

පහත ආකාරයෙන් පරිස්සම් වීම නුවණට හුරුයි.

  • එමෙන්ම ආසාදිත පුද්ගලයකු කිවිසුම් යන විට, කහින විට ටිෂූ එකක් භාවිතා කරන්න
  • එය තැන තැන නොදමා නියමිත ලෙස කසල බඳුන්වලට දැමිය යුතු අතර ලේන්සුවක් භාවිතා කරන්නේ නම් නියමිත ලෙස පිරිසිදු කළ යුතුයි
  • අනවශ්‍ය ගමන් බිමන් යාම, අධික සෙනග ගැවසෙන ස්ථානවලින් ඈත් වී සිටීම කළ යුතුයි.
  • විශේෂයෙන් නිතර නිතර රෝහල්වලට යාම අවම කරන්න.
  • පොදු ප්‍රවාහන සේවාවලින් ගමන් බිමන් යාම හැකිතාක් අවම කරන්න
  • යම් ආකාරයකින් ඔබ රෝගයට ගොදුරු වුවහොත් නිවසට වී කාලය ගත කිරීම වඩාත් සුදුසුයි
  • ඒ වගේම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු මුණ ගැසී අවශ්‍ය ප්‍රතිකාර හා උපදෙස් ලබා ගැනීමට ප්‍රමාද නොවන්න.
  • ඒ වගේම නිවස තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝගයට ගොදුරු වූ කෙනෙකු සිටී නම් ඔහුට/ඇයට උවටැන් කිරිමට කිසිම වේලාවක ගර්භනී මවක් ඉදිරිපත් නොකිරීමට සැලකිලිමත් වන්න
  • එයට හේතුව මේ කාලය තුළ දි ගර්භනී මවකගේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය සිදුවන ආකාරය හා ප්‍රතිශක්තීකරණය අවම වීමයි

මේ සියල්ල හේතුවෙන් පුද්ගලයකු වෙත මරණය පවා ගෙන ආ හැකි වෛරසයක් වන ඉන්ෆ්ලුවෙන්සා වලින් ආරක්ෂා වීමට නම් ඒ පිළිබඳ වඩාත් අවබෝධයකින් පසු වීම ජීවිතයක් රැක ගැනීමට මහත් රුකුලක් වෙනවා. මම හිතනවා අද ලිපිය ඔයාලාට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා.

http://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්