MALDIVES & SRI LANKA
 

මාලදිවයිනෙහි සහය ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙන බවට, මාලදිවයින රජයේ ඉහළ පෙළ නිලධාරියෙකු හා ප්‍රභල සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන තායිබ් ශහීම් කියා සිටියි.

මාලදිවයින සංචාරක අමාත්‍යාංශයේ විධායක අධ්‍යක්ෂ ධූරය දරණ ඔහු, අද (13) සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් තබමින් මේ බව සඳහන් කර සිටි අතර, එහි සඳහන් කොට ඇත්තේ, මාලදිවයින විසින් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට රැකවරණය හෝ සරණාගතභාවය ලබා නොදෙන බව මෙන්ම මාලදිවයින ජනතාව සෑම විටම ශ්‍රී ලංකික ජනතාව හා හිට ගන්නා බවයි.

මෙන්න බලන්න තවත් පුවත්