ඉක්වදෝරයේ සැන්ටෝ ඩොමින්ගෝ නගරයේ බන්ධනාගාරයක සිරකරුවන් 13 දෙනෙකු ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඉක්වදෝරයේ බන්ධනාගාර ප්‍රචණ්ඩත්වයට හේතු වී ඇත්තේ භූමිය පාලනය කිරීම සහ මත්ද්‍රවය ජාවාරම් පාලනය කිරීම් සම්බන්ධයෙන් සිදු වන සටන් බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

පසුගිය වසරේ ඉක්වදෝරය පුරා විවිධ බන්ධනාගාරවල කැරලි වලදී සිරකරුවන් 316 දෙනෙකු මිය ගොස් තිබේ.

පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව සිරගෙදර පාලනය යළි අත්පත් කර ගනිමින් සිටින බව SNAI බන්ධනාගාර ඒජන්සිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටි.

රටේ බන්ධනාගාරවල පුද්ගලයන් 33,900 ක් පමණ සිටින බව වාර්තා වේ.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්