පොල්තෙල් වලින් වහාන පදින ලංකාවේ ළාබාලතම කෝටිපතියා

මේ දවස් වල අපේ රටට ඉන්දන නොමැති වීම ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. රටේ ආර්ථිකය වගේම අනෙකුත් සියලු කටයුතු අඩපණ වීමට මෙම ගැටලුව බලවත් වෙලා. නිවසින් පිටත් වුනාම පාරවල් දෙපැත්තේ හොඳට බලාගන්න පුළුවන් මේ ගැටලුව නිසා පීඩා විඳින මිනිස්සුන්ගේ වේදනාව. වේදනාවෙන් ජීවත්වෙන මිනිස්සු නෙමෙයි ජීවිතයෙන් සමුගත් මිනිසුන් ද මේ ගැටලුව නිසා සිටිනවා.

ලංකාවේ පවතින මෙම ඉන්ධන ගැටලුවෙන් පීඩා නොවිදින අති දක්ෂ තරුණයෙක් ගැන අහන්න ලැබුණා. ජනප්‍රිය යූටියුබ් නාළිකාවකින් මෙම තරුණයා පිළිබඳව හෙළිදරව්වක් කර තිබුණා. ලංකාවටම ගැටලුවක් වෙලා තියෙන ඉන්ධන ප්‍රශ්නයට ඔහු ඉතාම අපූරුවට විසඳුම් හොයාගෙන තිබුණා. එනිසාම මේ කාරණාව ගැන අපේ ලිපියකින් ඔයාලව දැනුවත් කරන්න හිතුනා හිතුවා.

දිලින දක්ශිල

හැමදේම නැහැ කියලා අඬ අඬා ඉන්න සමාජයක ඉන්න මේ තරුණයා ලෝකයටම ලොකු ආදර්ශ ආදර්ශයක්. ඔහු ගැනයි අද අපේ ලිපියෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ.

මේ කතරුණයා නමින් දිලින දක්ෂිල. ඔහු මීට පෙර සමාජ මාධ්‍ය තුළ ඉතාම ජනප්‍රිය වුණු පුද්ගලයෙක්. ඒකට හේතුව තමයි ඉතාම ළාබාල වයසේ ඔහු ලබාගෙන තියෙන ඔහුගේ වත්කම. දැනට දිලිනගේ වයස අවුරුදු 23 යි. ඔහු ලංකාවේ සිටින ලාබාලතම කෝටිපතියා ලෙස හදුන්වන්න පුළුවන්. වයස අවුරුදු 17 දී ඔහුගේ පළමු මෝටර් රථය මිලදී ගනී මිලදී ගන්නවා. ඒ ඔහුගේම මුදල් වලින්. ඔහු සමග කරන සාකච්ඡාවේදී නිවේදක අසන ප්‍රශ්නයකට ඔහු පිළිතුරු දුන්නේ මෙහෙමයි.

නිවේදක:  මොකක්ද ඔබේ ආදායම් ලබන මාර්ගය බවට පත්වුණේ දිලින?

දිලින: ඇප්ලිකේශන් ඩිවලොපින් (application developing), ඇමොසෝන්       එෆ්බීඒ, ඒ දෙක තමයි මූලික වශයෙන්ම තියෙන්නේ, තව online shopping site  එකක් කරනවා.

ඉතින් මේ දක්ෂ තරුණයා ඔහුගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරලා තියෙන්නේ පාසල් අවධියේමයි. ඔහුට වයස අවුරුදු දාසයේදි තමයි ඔහුගේ පළවෙනි ව්‍යාපාරික කටයුතු සිදු කරලා තියෙන්නේ. දැන් වෙන්කොට ඔහුගේ ව්‍යාපාර දිවියට අවුරුදු හතක් පමණ වෙනවා කියලා තමයි ඔහු පවසන්නේ.

අපි දිලින ගැන කතා කරන්න හිතුවේ මේ වෙනකොට තිබෙන විශාල අර්බුදයකට ඔහු සාර්ථකව මුහුණ දෙනවා. සමාජයට බොහොම වටිනා සේවාවන් ඔහු විසින් සිදු කරනු ලබනවා. මම මුලින්ම කිව්වා වගේ ඉන්ධන ගැටලුව ලංකාවට බොහොම තදින් බලපාලා තියෙනවා. ඉතින් ඩීසල් නොමැති වීම රටේ තිබෙන ලොකුම ගැටලුවක්. මේ ගැටළුවට අපූරු විසඳුමක් සොයාගෙන තියෙන තියෙනවා. ඒ ගැන කතා කරන්නේ අපි සූදානම් වෙන්නේ.

ලොකු අර්බුදයක් වෙලා තියෙන ඩීසල් ගැටළුවට දිලින සතුව ප්‍රායෝගික විසඳුමක් තියෙනවා. ඒ වගේම ඔහු ප්‍රායෝගිකව එය භාවිතා කරමින් ඔහුගේ ඉන්ධන ගැටලුව විසඳාගෙන තිබෙනවා. මේ සාකච්ඡාවේ දී නිවේදකයා දිලිනගෙන් මෙහෙම ප්‍රශ්නයක් විමසනවා.

නිවේදක:අද වෙනකම් ඩීසල් පෝලිම්ක ඉඳලා නැද්ද

දිලින: නැහැ. කවදාවත් මේ ඩීසල් පෝලිම් පටන් ගත්ත දවසේ ඉඳලා මම පෝලිමක ඉඳලා නැහැ

දිලිනට තියෙන වාහන අතුරින් ඔහු වැඩිපුරම භාවිතා කරන්නේ ඔහුගේ ජිප් ටථයයි. ඉතිං මේ වාහනය ධාවනය වෙන්න ඔහුට ඩීසල් අවශ්‍යයි. ඩීසල් නොමැති වීම නිසා ඔහුගේ ජීප් රථය නම් නැවතිලා නැහැ. ඔහු මේ සඳහා භාවිතා කරන්නේ ඔහු විසින්ම නිෂ්පාදනය කරන බයෝ ඩීසල්.

ඔහුගේ ජීප් රථයට bio diesel භාවිතා කරන්න පටන් අරගෙන දැනට මාස තුනක් පමණ වෙනවා. මේ වන තෙක් ඔහු ලීටර් තුන්සීයක් පමණ ඔහුගේ ජීප් රථය වෙනුවෙන් භාවිත කර බව ඔහු පවසනවා. ඔහු නිපදවන diesel සාමාන්‍යයෙන් භාවිතා කරන ඩීසල් වලින් දාවනය වන ප්‍රමානයට වඩා දහස් ගුණයකින් පමණ වැඩි බවත් ඔහු පවසනවා.

දිලින පවසන විදිහට මේ බයෝ ඩීසල් නිෂ්පාදනය ලංකාවට අලුත් වුණත් ලෝකයේ අනෙක් රටවල් වලට අලුත් දෙයක් නෙවෙයි. දිලින නිවේදකයා සමග වැඩසටහන අතරතුරදීම ඩීසල් නිපදවා පෙන්වනවා. ඊට අමතරව ඔහු නිපදවූ bio diesel වලින් ඔහුගේ ජිප් රථයෙන් මීටර් හතළිහක් පමණ දුරක්ද නිවේදකයා සමඟ යනවා.

දිලින මේ බයෝ ඩීසල් නිපදවීමට භාවිතා කරන්නේ භාවිතා කරපු පොල්තෙල්. ඔහු පවසන විදිහට රටකජු තෙල් ද මේ සඳහා යොදාගන්න පුළුවන්. පොල්තෙල් යොදා මේ බයෝ ඩීසල් නිෂ්පාදනය කරන ක්‍රමවේදය ලෝකය පුරා ව්‍යාප්ත බව දිලිනි පවසනවා. නමුත් එම ක්‍රමවේදය ඔහු ඔහුටම ආවේණික ක්‍රමයකට තරමක් වෙනස් කර නියමිත ප්‍රමිතියට ඔහු නිෂ්පාදනය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පාසල් අවධියේදී උසස් පෙළට වාණිජ විෂය ධාරාවෙන් සහභාගි වූ ඔහු දැනට ඒ හා සම්බන්ධ උපාධියක් හදාරන බවත් නිවේදකයා සමඟ පැවසුවා. ඔහු පවසන්නේ විද්‍යා විෂය ධාරාවට ඔහු බොහොම ඇල්මක් දක්වන බවයි. ඒ ඇල්ම නිසාම ඔහු මේ නිෂ්පාදන කාර්යයට ඔහු යොමු වෙන්න ඇති.

මෙම නිෂ්පාදන ක්‍රියාවලිය සංකීර්ණ ක්‍රියාවලියක් නොවුනත් එයට සරිලන නියමිත දැනුමක් තිබෙන්නට අවශ්‍ය අවශ්‍යයි.

දිලින කියන්නේ අපේ රටට බොහොම වටින සම්පතක්. ඔහුගේ මෙම ක්‍රියාවවලිය අපේ රටට බොහෝ ලෙස ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම ඒ භාරදූර කටයුත්ත බාර ගන්න ඔහු සූදානම්. නමුත් එයට ඔහුට අවශ්‍ය සහාය ලබාදීමට නිසි බලධාරීන් තාම සූදානම් නැහැ. ඔහු පවසන්න්නේ පිටරටින් ඉන්ධන ගෙන්වනවට වඩා මේ ක්‍රමය බොහොම ලාබදායි කියලා.

අපි බලාපොරොත්තු වෙනවා.  දිලිනට මෙම වටිනා කියන නිෂ්පාදනය ලංකාව පුරා ව්‍යාප්තවීමට අදාල බලධාරීන් ඉක්මනින්ම ගත යුතු ක්‍රියාමාර්ග ගනීවි කියලා.

http://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්