පියවරුන්ගේ දිනයේදි කුසල් අහපු සුබ ආරංචිය

මේ දවස් වල ක්‍රිකට් කියන්නේ ලංකාවට අමුතු පණක් ලබා දෙන දෙයක් වෙලා තියෙනවා. ඒ වගේම ක්‍රිකට් තරු පිළිබඳව වෙනදාට වඩා ශ්‍රී ලාංකිකයන්ගේ උනන්දුවත් වැඩිවෙලා තියෙනවා. එහෙම තියෙන අවස්ථාවකදී ක්‍රිකට් තරුවක් ගැන අපිට ඉතාමත් සුභාරංචියක් අහන්න ලැබුණා. ඉතින් අපිට හිත හිතුනා ක්‍රිකට් ලෝලි අපේ යාලුවන්ට මේ ගැන කියන්න ඕනි කියලා.

මේ ආරංචිය කුසල් මෙන්ඩිස් ගැන

කුසල් මෙන්ඩිස් කියන්නේ නිරන්තරයෙන් ක්‍රීඩාලෝලීන් අතර කතාබහට ලක්වෙන ක්‍රිකට් තරුවක්. පෙර දිනයේදි ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැති එක්දින ක්‍රිකට් තරගයේදී කුසල් ලකුණු 87ක් ලබාගැනීමට සමත් වුණා.

kusal mendis

කුසල් මෙන්ඩිස් 2021 වසරේ පෙබරවාරි මාසයේදී විවාහ වුණා. ඊයේ ඔහු පියෙක් වෙලා තියෙනවා. ඔහුගේ බිරිඳ සිඟිති දියණියකට උපත දීලා තියෙනවා.

ඇයගේ නම හේලි මෙන්ඩිස් බව ආරංචියි. විශේෂත්වය වන්නේ කුසල් මෙන්ඩිස් පියෙක් බවට පත් වූයේ පියවරුන්ගේ දිනයේ වීමයි. ඒ වගේම එදිනම කැපී පෙනෙන දස්කම් පෑමක්ද කුසල් විසින් සිදු වුණා.

ඉතින් ඔහු පුංචි දියණියත් සමග මුහුණු පොත ඡායාරූපයක් එක් කර ඔහුගේ ආදරණීයන්ට ඒ බව දැනුම්දුන්නා.

ඉතින් අපි සුබ පතමු කුසල් මෙන්ඩිස්ගේ ක්‍රීඩ ජීවිතයත් පවුල් ජීවිතයත් සාර්තක වෙන්න කියලා.

http://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්