පැරිස් නුවර මත්පැන්හලක සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇත.

මේ පිළිබඳව දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ, ප්‍රංශ වේලාවෙන් සඳුදා රාත්‍රී 9:35 ට පමණ මෙම සිදුවීම සිදුවී ඇති අතර, මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් මත්පැන්හලේ එළිමහනේ සිටි පුද්ගලයන්ට මෙලෙස වෙඩි තබා ඇති බවයි.

මේ වන විට වෙඩි තැබීමට සම්බන්ධ එක් සැකකරුවෙකු ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්