දුරකථනය වැරදි අයුරින් තබා ගැනීම ශුක්‍රාණු වල ගුණාත්මක භාවයට හා ප්‍රමාණයට අහිතකර ලෙස බලපාන්න පුළුවන්

ජංගම දුරකථනය වැරදි අයුරින් ඔබ ළඟ ලබා ගන්නා ආකාර

ජංගම දුරකථතනය කියන්නේ අපිට නැති බැරි දෙයක් වෙලා තියෙනවා. ඒ වගේම දැන් කාලේ ජංගම දුරකතනයක් නොමැති කෙනෙක් හොයාගන්න නැති තරම්. කොටින්ම කිව්වොත් ලංකාවේ ඉන්න මිනිස්සු ප්‍රමාණයට වඩා ලංකාවේ ජංගම දුරකථන තියෙනවා කියලා තමයි කතාවට කියන්නේ. ජංගම දුරකතනය කියන්නේ ඇත්තටම අපිට ප්‍රයෝජනවත් වන උපකරණයක්. ඒ වුණත් අපිට එයින් අපි නොදැනුවත්වම හානි බොහොමයක් සිද්ධ වෙනවා. අද කතා කරන්න සුදානම් වෙන්නේ ජංගම දුරකථනය වැරදි අයුරින් ඔබ ළඟ ලබා ගන්නා ආකාරය පිළිබඳව වගේම එමගින් ඔබට වන හානි පිළිබඳව. එහෙනම් යමු අපේ කතාවට

  • ඔබේ කොට්ටය යට තැබීම

ඔබගේ කොට්ටය යට ඔබගේ දුරකථනය තබා නොගන්න. මේ සඳහා හේතු කිහිපයක් තිබේනවා. රාත්‍රියේදී බොහෝ විට මැසේජ්,නොටිෆිකේෂන් වැනි දෑ පැමිණ තිරය දීප්තිමත් කරයි. මෙම බාහිර ආලෝකය මෙලටොනින් නිෂ්පාදනයට බලපායි. මේ සියල්ල නින්දට සම්බන්ධ ගැටළු වලට තුඩු දෙනවා. දිගු කාලයක් පුරා මෙලෙස තබා ගැනීමෙන් දුරකථනයෙන් නිකුත් වන විද්‍යුත් චුම්භක විකිරණ හිසරදය සහ කරකැවිල්ල ඇති කරන්නවා. දුරකථන පිපිරීම් සහ ගිනිගැනීම් පිළිබඳ සිද්ධීන් වාර්තා වී තිබෙනවා. ඔබේ දුරකථනය කොට්ටයකින් ආවරණය කරන විට, ඔබ මේ සඳහා ඇති ඉඩකඩ වැඩි කරයි. දුරකථනයක් චාර්ජ් කිරීමේදී තාපය ලබා දෙන අතර කොට්ටයක රෙදි යටින් තාපය පිටතට යන්නෙ නෑ. එය ඔබෙන්, ඔබේ ඇඳෙන් සහ වෙනත් පුද්ගලයින්ගෙන් පිටකිරීමට ඉඩ තිබෙනවා.

කොට්ටය යට තබා ගැනීම
  • පසුපස සාක්කුව දමා ගැනීම

ඔබගේ දුරකථනය ඔබේ කලිසමේ පිටුපස සාක්කුවේ ගෙන යාම නිසැකවම ඉතා පහසුයි නේද. නමුත් මෙම ස්ථානය තෝරා ගැනීමෙන් අපට ගැටළු ගොඩකට මුහුණ දෙන්න වෙනවා. දුරකථන වල ස්පර්ශක තිර ඇති අතර ඒවා ඇඟිලි වලට පමණක් නොවයි බොහො අවස්ථා වල ඒවා වෙනත් ස්ථාන වලටද ඉතා හොදින් සංවේදී වෙනවා. මේ හේතුව නිසා පසුපස සාක්කුවේ ඒවා රදවා ගෙන යාමෙන්, හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් යාම ඉතා පහසු වන අතර ඒ ගැන අපට නොදැනේ. හදිසි ඇමතුම් අංකයට ලැබෙන ඇමතුම් වලින් 30% ක් අහම්බයයෙන් එන ඒවා බව සදහන් වෙනවා. ඔබට බොහෝ විට ඔබේ බඩ සහ කකුල් වල වේදනාව දැනෙනවාද? මෙය ද ඔබගේ සාක්කුවේ ඇති දුරකථනයේ ප්‍රතිවිපාකයක් වෙන්නත් පුළුවන්.

පසු පස සාක්කුවේ දැමීම
  • ඉදිරිපස සාක්කුව දමා ගැනීම

පිරිමින් බොහෝ විට අත් බෑග් වැනි දෑ රැගෙන නොයන නිසා ඔවුන්ගේ දුරකථනය ඉදිරිපස සාක්කුවක තැබීම වඩාත් පහසු වෙනවා. නමුත්  එය ඔවුන්ගේ සෞඛ්‍ය තත්වයට බලපෑම් කරන්න පුළුවන් ප්‍රබල කාරණාවක් වෙනවා. දුරකථනයක විද්‍යුත් චුම්භක විකිරණය ශුක්‍රාණු වල ගුණාත්මක භාවයට හා ප්‍රමාණයට අහිතකර ලෙස බලපාන බව අධ්‍යයනවලින් සනාථ වී තිබෙනවා. මිනිසෙකු දුරකථනය තම කලිසම් සාක්කුව තුළ තබා ගන්නා තරමට අවදානම වැඩි වෙනවා.

  • ඔබේ උකුල් ප්‍රදේශය මත තබා ගැනීම

පර්යේෂණයන්ට අනුව, ඔබේ දුරකථනය ඔබේ කලවා අසල ගෙන යාම උකුල් ඇටකටු දුර්වල කරයි. එබැවින් ඔබේ ඇටකටු ගැන සැලකිලිමත් වී ජංගම දුරකථනය  බෑගයක දමන්න.

  • බ්‍රා එක ඇතුළේ දමා ගැනීම

වෛද්‍ය විද්‍යාවේදී, ජංගම දුරකථන විකිරණ, පිළිකා ඇති කරයිද යන්න පිළිබඳව තවමත් එකඟතාවයක් නොමැත. නමුත් සමහර විද්‍යාඥයන්ට අනුව, බ්‍රා එක තුළ තබා ඇති දුරකථනයක් පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරන බව පැවසෙනවා. එබැවින් එය එහි තබා නොගැනීම හොඳයි නේද යාළුවනේ.

  • සමේ ගැටෙන ලෙස තබා ගැනීම

ඔබගේ ජංගම දුරකථනය ඔබේ සමේ ස්පර්ශ වන සේ තබා නොගන්න. ඔබ මෙය කරන විට, තිරයෙන් සහ දුරකථන බොත්තම් වලින් බැක්ටීරියා ඔබේ මුහුණේ සමට මාරු වන අතර විද්‍යුත් චුම්භක විකිරණ ඊටත් වඩා සමීප වෙනවා. නමුත් එහෙනම් අපි කොහොමද දුරකථනයෙන් කතා කරන්නේ? කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. උපාංගය සහ ඔබේ සම අතර අවම වශයෙන් 0.5-1.5 සෙ.මී. පරතරයක් තබා ගෙන ඇමතුම් ගන්න. ඒක කරන්න පුළුවන් දෙයක්නෙ නේද.

  • සීතල ස්ථාන වල තැබීම

මෙය අදාළ වන්නේ ශීත රටවල වෙසෙන අයටයි. පිටත සීතල නම් සහ උෂ්ණත්වය බිංදුවට වඩා පහත වැටේ නම්, ඔබගේ දුරකථනය ගැන සැලකිලිමත් වෙන්න ඕන. මෝටර් රථයේ වැඩි කාලයක් එය තබන්න එපා. උෂ්ණත්ව වෙනස මෙහි ඇති උපාංග වලට ඉතා හානි කරයි. ඔබ බොහෝ විට සීතල සමයේදී පිටතට යන්නේ නම්, “උණුසුම්” දුරකථන ආවරණයක් මිලදී ගන්න. නමුත් මේ ගැටලුව නම් අපේ රටට ලොකුවටම බලපන්නේ නෑ. අපේ රට ගොඩක් සීතල රටක් නෙවෙයිනෙ. නමුත් AC කරපු සීතල කාමරයක ඉන්නවානම් මේ ගැන සැළකිලිමත් වෙන්න වෙනවා.

  • චාජරය මත තැබීම

මේ දේ නම් ගොඩාක් භයානකයි යාළුවනේ. මය කිරීම සුදුසු නැ. දුරකථනය චාර්ජ් කිරීමෙන් එයට ඔබ සමීප නැත්තම් සෞඛ්‍යයට හානියක් සිදු වෙන්නෙ නෑ. නමුත් රැයක් පුරාවට ඔබගේ ජංගම දුරකථනය චාර්ජ් නොකිරීම වඩා හොඳයි. මෙය දුරකථනයේ බැටරියේ ආයු කාලය කෙටි කළ හැකි අතර බැටරියේ කාර්යක්ෂමතාව අඩු කරනවා.

  • උණුසුම් ස්ථාන වල තැබීම

අධික උෂ්ණත්වය ද ඉලෙක්ට්‍රොනික් උපාංග වලට හානි කරනවා. උණුසුම් කාලගුණය ඇති විට, ඔබේ දුරකථනය මෝටර් රථයේ හෝ වෙරළ තීරයක් වගේ උණුසුම් ස්ථාන වල තබා ගැනීම සුදුසු නෑ. එසේම, එය උඳුන් අසල තබා ගැනීමද හොද නෑ.

පේනවා නේද යාලුවනේ අපි නොදැන කරන දේවල් අපේ ශරීරය සෞඛ්‍යයට වගේම ජංගම  දුරකථනයටත් බොහොම හානි කරනවා. ඉතින් මේ ලිපියේ සඳහන් දේවල් හොඳට හිතට අරගෙන අද ඉඳන් ඒ වැරදි පුරුදුව වලින් ඈත් වෙන්න. තමන්ගේ ජංගම දුරකථනයේ නිවැරදි අයුරින් තබා ගන්න. මම හිතනවා අද ලිපිය ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා.

http://www.newsmania.lk/

 

මෙන්න බලන්න තවත් පුවත්